සුන්දර යොවුන් ගායිකා නතාශා පෙරේරා කියන්නේ නිරන්තරයෙන්ම රූපවාහිනි තිරයෙන් දකින්න ලැබුණු චරිතයක් නෙමෙයි. නමුත් ඇය අදටත් ජනප්‍රියයි. මේ ඇය ගැනයි.
නතාෂා ඔයා තව ලස්සන වෙලා.
“බොහෝම ස්තූතියි. අගය කිරීමට. මම හිතන්නේ අපි ආධ්‍යාත්මිකව සතුටින්, කාටවත් වචනයකින්වත් හානියක් නොකර ජීවත් වෙනවා නම් අපි ඉබේම ලස්සන වෙනවා කියලා. බාහිරව ඔබ දකින මාගේ සුන්දරත්වය එය විය හැකියි.
මේ හැරෙන්න හම සුදු වෙන්න කියලාවත්, සම පැහැපත් වෙන්න කියලාවත් මම මුකුත් කරල නෑ. මාව දකින ගොඩක් අය එහෙම මගෙන් අහනවා. නමුත් අපි අපේ ගැන හිත්නවා නම් අපි ඉබේම ලස්සන වෙනවා.
ඒ වගේම සෘණාත්මක සිතුවිලි වලින් ඈත් වෙනවා කියන්නේත් අපි ඉබේම ලස්සන වෙන්න බලපාන දෙයක්.”
කාන්තා සුන්දරත්වය රැකගන්න පහසුවෙන්න කරන්න පුලුවන් දෙවල් මොනවද?
“පළමු දේ තමයි අපි අපේ ගැන හිතන්න පුංචි වෙලාවක් වෙන් කර ගැනීම.
කාන්තාවන් බොහෝ දෙනෙක් නඟන චෝදනාවක් තමයි අපිට අපේ ගැන හිතන්න වෙලාවක් නැහැ කියලා.
එහෙම හිතුවොත් ඔක්කොම ඉවරයි. මොකද මම විශ්වාස කරනවා. පවුලෙ කොඳු නාරටිය තමයි මව. නිවසේ බිරිඳ, මව, පිළිවෙලකට පිරිසිදුව ඉන්නවා කියන්නේ ඒක මුළු පවුලටම ආශීර්වාදයක්.
අනිත් කාරණය තමයි පුන්චි කාලෙදිම දරුවන්ට නියපොතු පිළිවෙලකට කපලා කොණ්ඩෙ ලස්සනට පීරලා, හම පිරිසිදුව තියාගන්න, දෛයිනිකව පිළිවෙළකට පිරිසිදුව ඉන්න පුරුදු කළොත්, ලොකු වෙලා ලස්සන වෙන්න කියලාවත් පිළිවෙළකට ඉන්න ඕනේ කියලවත් අමුතුවෙන් හුරු කරන්න අවශ්‍ය වෙන්නෑ.”
ඔබ ලස්සන වෙලා ඉපදිලා තියෙන්නේ?
“මම බෞද්ධ කෙනෙක් විදියට තරයේම විශ්වාස කරන දෙයක් තමයි කර්මය සහ කර්ම ඵලය. මම ගිය ආත්මේ කරපු කුසල් බලපාන්න ඇති.”
ඔබේ සුන්දරත්වය ආරක්ෂා කර ගන්න මොකද කරන්නේ?
“රාජකාරි කටයුතුත් එක්ක කාර්ය බහුල නිසා ව්‍යායාම කරන්න වෙලාවක් හොයා ගන්න බෑ. නමුත් කෑම බීම වලින්නම් ගොඩක් සැලකිලිමත්. නිවසේදී සෞඛ්‍යාරක්ෂිතව මා අතින්ම සකස් කළ ආහාර පාන තමයි ගැනෙන්නේ.
කෑම පාලනය කරන දිනවලට ආත්‍රියට සුළු ආහාරයක් ගන්නේ. දහවල් ආහාරයට බත් හැන්දක් එක්ක එළවළු තමයි ගන්නේ. වෙලාවක් ලැබුණාම එළවළු සලාදයක් විදියට පිළියෙළ කරලත් ගන්නවා.
පළතුරු වලින් මම හරිම ආසයි. දොඩම්, අඹ වගේ පළතුරු වලට. විටමින් සී බහුල පළතුරු වලට මම ගොඩක් ආසයි. මොකද විටමින් C වලින් හම ලස්සන වෙනවනේ.
මුහුණේ කුරුළෑ වගේ එනවා නම් කහ කෑල්ලක් උරච්චි කරලා මිහිණේ ගාලා විනාඩි 15 ක් 20 ඉඳලා සීතල වතුරෙන් සෝදා හරිනවා. එම ප්‍රතිකාරයට කුරුළෑ එන එක ටිකක් පාලනය වෙනවා.
හිස කෙස්වල පෝෂණයට සතියකට වරක් වගේ ඔලිව් තෙල් දාලා මසාජ් කරලා පැය 2 ක් විතර ඉඳලා හෝදලා හරිනවා.”
ලස්සන කියන්නේ මොකක් කියලාද ඔබට හිතෙන්නේ?
“ලස්සන කියන්නේ ආශීර්වාදයක් කියලා හිතෙනවා කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මූණ බැලුවාම. ඒත් කවදාවත් ලස්සන කියන්නේ ආඩම්බර විය යුතු දෙයක් වත්, ඔළුව ඉඳිමවා ගන්න ඕන දෙයක්වත් නොවේ. රූපය කියන්නේ නිතර වෙනස් වෙන දෙයක්.”


උපුටා ගැනීම – අසුන්තා එදිරිසූරිය
2 Comments