මව්පියන් හා දරුවන් එක දිගටම නිවස් තුලට වී මෙතරම්කාලයක් ගත කළෙ පළමු වතාවටය. පාසල් යාමට, සෙල්ල්ලම් කරන්නට උද්‍යානයකට හෝ අසල්වැසි නිවසකට යන්නට නොහැකිව කූඩු වීම නිසා බොහෝ සෙයින් නොසන්සුන් වන දරුවෝ මුලු ගෙදරම අනෙක් පසට හරවමින්පෙරළි කරති. මෙවන් අවස්ථාවල දෙමව්පියෝද නොසන්සුන් වෙති.
“අපෝ.. මේ කරදරේ කවදා ඉවර වේද දන්නේ නෑ..” ඔවුහු කෑ ගසති. තවද ඔවුන් දරුවන්හට දඩුවම්ද කරති. එහෙත් බුද්ධිමත් දෙමාපියන් මේ කාලය යොදා ගන්නේ දරුවන්ට ඔවුන්ගේ වගකීම් වටහා දීමටය. බොලිවුඩ් මවුවරු කිහිප දෙනෙක් දරුවන්ගේ අසහනකාරී බව දුරු කරන්නට යොදාගත් ක්‍රම කිහිපයක් අන්තර්ජාලයේ පළව තිබිණි.
සමීරා රෙඩ්ඩි (Sameera Reddy)
හින්දි පමණක් නොව මලයාලම්, තෙළිඟු, දෙමළ, කන්දකා චිත්‍රපටිවල ද රඟ පෑ ජනප්‍රිය නිළියක වන සමීරා දෙදරු මවකි. ඇය විවාහ වී සිටින්නේ අක්ෂායි වර්දේ සමඟය. ඇගේ පුතු හෑන්ස් නයිරාගේ වයස මාස අටකි. ඒ වයස්වල දරුවන් දෙදෙනෙකු රැක බලා ගනිමින් නිවසේ වැඩද කිරීම පහසු දෙයක් නොවේ. එහෙත් උපක්‍රමශීලීව කටයුතු කිරීම තුළින් සමීරා මේ තත්වය සමතුලිත කර ගන්නීය.
“මම පුතාට ඒත්තු ගන්නලා තියෙන්නෙ මේ ඔයාගෙ ගෙදර..
ඒ හින්දා ගෙදර වැඩ කරන්න මට එයාගේ උදව් ඕන කියලා..
ඒ හින්දා මම උයනකොට, ගේ පිරිසිදු කරනකොට එයා කැමැත්තෙන්ම මගෙ උදව්වට එනව..
කොහොමත් පොඩි අය කැමතිනෙ තමන් වැඩිහිටියෙක් විදියට හිතනවට..
අම්මට ඔක බෑ..
ඕක මෙහෙමයි කරන්න ඕන කියලා, එයා කියනකොට මම ඒක පිළි ගන්න බව අඟවනවා..
එතකොට හරිම ලේසියි.. නංගි බලා ගන්න එකත් එයාගේ වගකීමක් කියලා එයා හිතන්නේ.. ” ඇය කියන්නීය.
මධුරි ඩික්සිත් (Madhuri Dixit)
මධුරිට සිටින්නේ ගැටවර වයසේ පුතෙකි. ඔහු සමඟ සමීපව කටයුතු නොකළොත් ඔහු අසහනයට පත් වෙනු ඇතැයි ඇය සිතයි. එම නිසා ඇය කතක් නැටුම් පුහුණු වෙන්නේ ඔහුගේ තබ්ලා වාදනයට අනුවය.
ඇතැම් අවස්ථාවල ඇය කතක් නැටුම් පුතුටත් පුරුදු කරන්නට උත්සහ දරන්නීය. ඉන් අම්මාත් පුතාත් බොහෝ විනෝද වෙනවා පමණක් නොව ඔවුන් අතර අලුත් අවබෝධයක් ද වැඩෙන බැව් ඇය විශ්වාස කරන්නීය.
සනී ලියෝන් (Sunny Leone)
දරුවන්ට මුව ආවරණ පැළඳවීම අසීරු කටයුත්තක් බැව් සනී ලියෝන් කියන්නීය. ඇය තිදරු මවකි. එහෙත් මේ තිදෙනාම ඇගේ කුසින් බිහිවූ දරුවන් නොවේ. ඇය සහ ඇගේ සැමියා ඩැනියෙල් වෙබර්, දියණිය නිශා හදා ගැනීමට ගත්තේ 2017 වසරේය.
2018 වසරේ ඔවුහු කුලියට ගත් ගර්භාෂයක් මාර්ගයෙන් නිවුන් දරුවන් උපද්දවා ගත්හ. ඔවුන් නම්කර ඇත්තේ ඒෂර් සිං වෙබර් සහ නෝවා සිං වෙබර් යනුවෙනි. ඔවුහු මේ දරුවන් වෙනුවෙන් බොහෝ සෙයින් කැපවී සිටිති.
“තොප්පියක් දාගෙන ඉන්නවත් අකමැති දරුවෝ මාස්ක් එකක් දාගෙන ඉඳීයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද..? ඒත් ඒක කරන්න ඕන දෙයක් කියලා හින්දා ඒක පුරුදු කරන්න මම සෑහෙන කාලයක් ගත කළා.. මේ දවස්වල දරුවන්ට අකුරු, අත්වැඩ වගේ දේවල් උගන්වන්නෙත් මමයි..” ඇය කියයි.
දරුවන් සමඟ නිර්මාණාත්මක දේවල් කරන්නට තමාට ඇති හැකියාව ගැන ඇය කතා කරන්නේ මහත් ආඩම්බරයෙනි.
රවීනා තන්දන් (Raveena Tandon)
ඕනෑවට වඩා සෞබ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම පහසු කටයුත්තක් නොවන බැව් රවීනා කියන්නීය. එහෙත් ඇය නිවස හැකි තාක් පිරිසිදුව තබා ගන්නට හා නිතර අත් සෝදන්නට සිය දියණිය රාශා සහ පුතු රන්බීර් පොළඹවන්නීය.
“දැන් ඉස්කෝලෙවත් වෙන බාහිර වැඩ කටයුතුවත් නැති හින්දා දරුවන් එක්ක සමීපව ඉන්න හොඳම කාලය මේක කියලා මම නම් විශ්වාස කරන්නේ..
මගේ දුව දැන් ගැටවර වයසේ.. ඒත් අපි එකතුවෙලා ‘නයා සහ ඉනිමඟ’ වගේ පොංචි කාලෙ කරපු ක්‍රීඩාවල් කරනවා..
ඒක අපිට හොඳ විනෝදයක්..
අනික් එක මේ වගේ අවිනිශ්චිත කාලෙක අපි හැම වෙලාවෙම හිතන්න ඕන එයාලගෙ පැත්තෙන්..” රවීනා පැවසුවාය.
නේහා ඩූපියා (Neha Dhupia)
හින්දි, මලයාලම්, තෙළිඟු, පංජාබි චිත්‍රපටවල රඟ පාන නිළියක වන නේහා ඩූපියා වුවාහ වී සිටින්නේ අංගාද් බේදි සමඟය. ඔවුන්ගේ දියණියගේ වයස අවුරුදු එක හමාරකි.
“ලොක් ඩවුන් කාලෙට ඉස්සර වුණත් මම කොහේ හරි ගිහින් ආවාට පස්සේ හොඳට පිරිසිදු වෙලා තමයි දුව ළඟට යන්නෙ..
ඒ වගේම පිටස්තර අයට එයා ළඟට එන්න ඉඩ දෙන්නෙත් නැහැ..
අපි හැම දේටම වඩා දරුවන්ගේ පරිසම, නිරෝගී බව ගැන හිතන්න ඕන..
ඒ හින්දා කෑම බීම වුනත් එයාට පත්තියම් වෙන්නෙ නැති වෙයි කියල හිතන දේවල් දෙන්නේ නැහැ..
පුරුදු විදියට කෝහෙ හරි යන්න, එළියට බැහැලා සෙල්ලම් කරන්න ඉඩක් නැති වුණාම දරුවෝ නොසන්සුන් වෙනවා..
ඒ තත්වය වෙනස් කරන්න දෙමව්පියො දැනගන්න ඕන..
මම හැම වෙලාවෙම එයත් එක්ක සෙල්ලම් කරනවා..
පාට කරන්න වගේම අකුරුත් උගන්වනවා..
පුංචි වුණාට එයාලා කැමති ලොකු වැඩ කරන්න..
ඒ හින්දා ඇඳුම් බමන්න, අල්මාරිය අස් කරන්න වගේ දේවල් වලට එයාව හවුල් කර ගන්නවා..” ඇය කියන්නීය.
චන්දි කොඩිකාර
5 Comments