Connect with us

Gossip

ඈනුම් හරිමින් අලංකාරව සිංදු කියන තාත්තා ..

ඇන්තනී පවුල හා විවහ වෙමින් අලුතින් එකතු පවුලට එකතු වෙච්ච සුරූපී ඒමිනා, බුවිනි මෙන්ම මිලාන් ද ප්‍රේක්ෂක ජනයා ආදරෙන් වැලඳගත්තා.

ඉතින් බොහෝදෙනා මේ දිනවල කතාබහ කරන්නේ ඔවුන්ගේ පවුලට අලුතෙන්ම එකතු වෙමින් අකිල ධනුද්දර (Akhila Dhanuddhara) සහ අමන්දා, පියෙකු මෙන්ම මවක යන උතුම් පදවියෙන් පිදුම් ලැබීමට හේතු වෙච්ච සිගිත්තිය ගැන.

ජීවිතය කොහොමද ඇසූ නිවේදකයාට අකිල පිලිතුරු දුන්නේ, ජීවිතය මල් ලෙස කියමින්. සිඟිතියගේ නමින් පවා ඇය සුවිශේෂයි. ඇය කොන්ගනීගේ සකී ආරණ්‍යා මිකැලා ඇන්තනී .

ජුනි 21 වනදාට යෙදුණු ලෝක පියවරුන්ගේ දිනයේදී අලුත් පියා අකිල ඔහුගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී වෙත රූපවාහිනී වැඩසටහනකදී ඉතාම සංවේදීව පියගුණ ගීයක් ගායනා කළා.

අකිලගේ ගායන හැකියාව ලංකාවම දන්නවා කොහොම වුණත් ඈනුම් ඇරමින් පවා ඔහුට ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබෙන බව ඔබ දන්නවාද!?

පවුලේ අය සිහිකරන ආකාරයට මෙල්බන් ගායන ප්‍රසංගයකදී ඈත එපිට හිමකන්දේ ගීතය පළමු ගායනය ඉදිරිපත් කිරීම ලෙස සිදු කළ ඔහු ඈනුම් ඇරීම ද ගීතයද අපූරුවට කලමනාකරණය කරගෙන තිබුනා.

🖊 සටහන : නිශී හේවා


Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gossip