Connect with us

News

චන්දෙ දාන තැන ඔබ දිහා බලන් ඉන්න අලුත් ඇස් දෙකක්, පරෙස්සමෙන්..

උණ හැදුනත් කොහොම හරි ඡන්දෙ දාන්න ..
උණ රෝගයෙන් ඉන්නවා නම් අපිට කැමති වෙලාවට ඡන්දය ප්‍රකාශ කරන්න බෑ..

මෙවර මැතිවරණය පැවැත්වීම පිළිබඳව බොහෝදෙනා යෝජනා ඉදිරිපත් කරද්දී ඇතමෙක් ඒ සඳහා චෝදනා රැසක් පැලගැස්වුවා. ඒ මෙම කොරෝනා වසංගත බිය මූලික කරගෙන.

කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්තුමා කියාසිටියේ අගෝස්තු 5 වනදා පැවැත්වෙන ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව ලබන 25 අවසන් තීරණයකින් අපට දැන ගැනීමට හැකි වන බවයි.

ඒත් ඉතිං මෙවර ඡන්දය ප්‍රකාශ කරන්න නම් වෙන්නේ බොහොම පරිස්සමට. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශයයන්ට අනුකූලව. කවදාවත් අත්නොදැකපු දෙයක් ඡන්දපලේදී එදාට අපට දකින්න පුළුවන් ඒ සෞඛ්‍ය නිලධාරියෙක්.

මෙවර සෑම මධ්‍යස්ථානයකටම එය අනිවාර්‍යය තත්වයක්. ඒවගේම අපි කවුරුන් හෝ උණ රෝගයෙන් ඉන්නවා නම් අපිට කැමති වෙලාවට ඡන්දය ප්‍රකාශ කරන්න බෑ,

සභාපතිවරයා කියන්නේ ඔවුන්ට අවසන් පැයේදී පමණක් ඡන්දය භාවිතා කරන කියලා. ඒකත් ඡන්ද දායකයන්ට අලුත් අත්දැකීමක් මොකද වෙනදනම් අපිට කියන්නේ හැකි ඉක්මනින් ඡන්දය භාවිතා කරන්න කියලා.

නමුත් මේකෙන් නොකිය කියන්න හදන්නේ උණ හැදුනත් කොහොම හරි ඡන්දය ප්‍රකාශ කරන්න එන්න කියලද?

🖊 සටහන : නිශී හේවා


Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in News