වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න… >>
ලංකාවේ ඉන්න ජනප්‍රිය, දක්ෂ ගායන ශිල්පියෙක් තමයි සුනිල් පෙරේරා (Sunil Perera) කියන්නේ. ඔහුගේ නායකත්වය දරණ ජිප්සීස්ලට (Gypsies) සංගීත කණ්ඩායමට 2020 වර්ෂය වෙනකොට වසර 50ක් සැපිරිලා. ඒ වගේම ඔහුට වයස 68 යි.
මෙතරම් කාලයක් එකසේම රසික හදවත් තුළ රඳවා සිටීම ගැන ඔහු පිරිසට ස්තුතිවන්ත වුණා. ඒවගේම ඔහු කියන විදියට හැමදේම වාසනා ගුණය, පින හෝ පෙර ආත්මේ කරපු පින මිසෙක ටැලන්ට් එක නෙවෙයි කියලයි ඔහු පිලිගන්නේ.
සංගීත කණ්ඩායම අවුරුදු 50ක් පවත්වාගන යාමගැන ඔහු කණ්ඩායමේ නායකයා ලෙස ආඩම්බර වන බවයි කිව්වේ.
අද ගීතයක් දැම්මත් ඒක ප්‍රසිද්ධ වෙන්න හේතුව විදිහට ඔහු කිව්වෙත් වාසනා ගුණයම පමණක් බවයි.
“පිං බලය තියනම් පවුලෙනුත් තමන්ට ඒ ශක්තිය ලැබෙනවා. මට විශේෂ හැකියාවක් නෑ. මගේ කටහඩ මිහිරි, ලයාන්විත, ප්‍රියජනක එකක් නෙවෙයි. මගේ කටහඩ කැත එකක් මගේ කටහඩ ගොරහැඩියි.”
එහෙම හඬක් ලැබිලා මෙච්චර දුර එන්න ලැබීම ගැන සියලු දෙනාටම ස්තුතිවන්තවන බවත් ඔහු කිව්වා.
🖊 සටහන : නිශී හේවා