Connect with us

Gallery

මම රඟපාන්න කැමති නෑ – දමිත් රඹුක්වැල්ල

දමිත් රඹුක්වැල්ල (Ramith Rambukwella) කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුගේ පියා (Keheliya Rambukwella) දේශපාලකයෙක් කියලත් අපි හැමෝම දන්නවා.

දමිත්ගේ බිරිඳ වන නටාලි (Natali) දැන් අපට නිතර නිතර දකින්න ලැබෙනවා. ඇය ගැන ටිකක් හොයා බලද්දි දැනගන්න ලැබුණේ සුරූපී නටාලි ඉපදී හැදීවැඩී ඇත්තේ ඇමරිකාවේ බවයි.

ගීත වලට, වෙළෙඳ දැන්වීම් වලට වගේම පොටෝ ශූට් වලට ඇය පෙනී ඉන්නවා. නමුත් ඇය නම් කියන්නේ පුංචි තිරයෙ හෝ රිදී තිරයේ රංගනයට ඒමට ඇයට බලාපොරොත්තුවක් නොමැති බවයි.

එයට තම සැමියාගේ ද කැමැත්තක් නොමැති යැයිද ඇයි කිව්වා.

ඒ වගේම ඇයට විදෙස් රටක වගේ ලංකාවේ විලාසිතා කිරීමට නොහැකි බවත්, කොටට අදින්නේ සැමියා සමඟ යන විටදී පමණක් බවත් කිව්වා. ඒ මිනිසුන් ඇය දෙස අමුතු බැල්මක් හෙලන නිසාලූ.

තමාගේ සැමියා දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඇය අසතුට පළකළ අතර ඇයට අවශ්‍ය සැමියා සමඟම සිටීමට බවත් කිව්වා.

පවුලේ සියලු දෙනා විදෙස් රටක සිටින බැවින් ඇය ලංකාවේ සිටීම අපහසු වුවත් අවුරුද්දකට වතාවක් ඔවුන් බැලීමට් යන බවත් ඇය සඳහන් කළා.

🖊 සටහන : නිශී හේවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gallery