Connect with us

Gallery

අතීතයේ තරමට අද ගෙවන්නේ නැහැ. ගෙවන ගාස්තු වැඩි වෙනව නම් හොදයි.

අතීතයේ තරමට අද ගෙවන්නේ නැහැ…
ආර්ටිස්ලට ගෙවන ගාස්තු වැඩි වෙනව නම් හොදයි…

උදයන්ති කුලතුංග (Udayanthi Kulatunga) කියන්නේ දක්ෂ, නිහතමානී රංගන ශිල්පිනියක්. කොරෝනා කාලේ ගෙදරට වෙලා අම්මා එක්ක කාලය ගත කලා වගේම චිත්‍රපට නැරඹීමෙන් ඒවාහි වන චරිත අධ්‍යයනය කළයි කියලයි ඇය කිව්වේ.

උයන පිහින වැඩ වලට කම්මැලි ඇය ව්‍යාපාර කරන්න අකමැති බවත් මූලිකවම රංගනයේ නියැලෙන බවත් කිව්වා.

කැලෑහද කියන නවකතාවෙන් නිර්මාණය කරපු කැලෑහද ටෙලි නාට්‍යයේ රංගනයේ නිරත වෙමින් සිටින බව ඇය මතක් කළා.

නාමල් ජයසිංහගේ සහෝදරයා ටෙලිනාට්‍යයට හොඳම සහය නිළි සම්මානය හිමිවූ බවත් ඇය සිහිපත් කළා.

මේ වගේ හොද නිර්මාණ බිහිවෙන්නේ කලාතුරකින් බවත්, ජනප්‍රිය නිර්මාණ වටා ප්‍රේක්ෂකයන් එකතු වීම නිසා ඒවා ඒවා මගහැරෙන බවත් ඇය කිව්වා.

“අතීතයේ තරමට අද ගෙවන්නේ නැහැ. ආර්ටිස්ලට ගෙවන ගාස්තු වැඩි වෙනව නම් හොදයි” කියලා හිතන බවත් ඇයි කිව්වා.

“අවුරුදු දහයක් පහලවක් තිස්සෙම මම දන්නේ මේ කලාව විතරයි” යනුවෙන්ද ඇය කිව්වේ ඇය ජේෂ්ඨ රංගන ශිල්පිනියක් බවටද සාක්ෂි සපයමින්.

🖊 සටහන : නිශී හේවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gallery