Connect with us

Foreign

මුඛ ආවරණ නොමැතිනම් 26,000ක් දඩ ගසයි

කොවිඩ් 19 වසංගත තත්වය නිසා ලෝකේ රටවල් වල විවිධාකාර නීතිරීති තුළින් රෝග ව්‍යාප්තිය අවම කර ගැනීමට කටයුතු කර තිබුණා.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වැසියන් වෙතද නීතියක් පණවමින්, ප්‍රාන්ත බලධාරීන් සිය නිවෙසින් පිටතට පැමිණෙද් දී අනිවාර්යයෙන්ම මුඛ ආවරණ (face mask) පැලඳ සිටිය යුතු බව සඳහන් කර තිබුණා.

එම ප්‍රාන්තය තුළ අලුතින් හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති දෙකක කාලයක් ඇතුළතදී ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුව වී තිබේ.

ඊයේ දිනය වනවිට මෙම රෝගීන් සංඛ්‍යාව 363ක් බවට පත්ව තිබූ අතර, සෙනසුරාදා වාර්තා වී තිබූ රෝගීන් 217 දෙනා එහිදී වැඩි බලපෑමක් එල්ල කර තිබේ.

මෙම නීතියට අනුගත නොවන වැසියන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 200ක් දඩ ගැසීමටත් ඔවුන් තීරණය කර තිබෙනවා. එය ලංකා මුදලින් රුපියල් 26,000කට ද අධික මුදලකි.

🖊 සටහන : නිශී හේවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Foreign