Connect with us

Political

ඕෂධී හේවාමද්දුමගේ තමයි අපි බදුල්ලට දාපු එකම වියතා – නාලක ගොඩහේවා

Nalaka Godahewa - Wikipedia

වියත් මග නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන්නේ ඉතා සීමිත පිරිසක් බව අපේක්ෂක නාලක ගොඩහේවා මහතා පවසනවා.

බොහෝ අය තමුන් වියත් මග සංවිධානය නියෝජනය කරන බව ප්‍රකාශ කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන නමුත්, ඔවුන් එම සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් නොවන බව ගොඩහේවා මහතා අවධාරණය කරයි.

නාලක ගොඩහේවා (Nalaka Godahewa) මහතා පෙන්වා දෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහ මැතිවරණයට තරග කරන එකම වියත් මග නියෝජනය ඕෂධී හේවාමද්දුමගේ (Oshadhi Buddhima Hewamadduma) මහත්මිය බවයි.

වෙනත් කිසිවෙකුත් වියත්මග නියෝජනය කරමින් බදුල්ලෙන් තරග නොකරන බවත්, එවැනි පුද්ගලයන් පිළිබඳව තම සංවිධානයට කිසිදු වගකීමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් වියත් මග සංවිධානයේ නිළ ෆේස්බුක් පිටුවේ මීට පෙර සඳහන් කර තිබුණේ එම සංවිධානය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග කරන්නේ අපේක්ෂකයන් 09 දෙනෙකු පමණක් බවයි.

Viyath Maga

ඊට අමතරව සාමාජිකයන් දෙදෙනෙකු ජාතික ලැයිස්තුව නියෝජනය කරන බවත් එහි සඳහන් විය. විශේෂත්වය වන්නේ එම එකොළොස් දෙනා අතර ඕෂධී හේවාමද්දුමගේ මහත්මියගේ නම සඳහන් නොවීමයි.

බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා  ප්‍රකාශ කළේ ඇයට නාමයෝජනා ලැබී තිබෙන්නේ නාමයෝජනා මණ්ඩලයේ බූරුවන් විසින් බවයි.

🖊 සටහන : උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Political