Gossip
දැන් නම් මාරම ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලන් ඉන්නේ

ඡායාරූප (photos) පහතින් බලන්න… >>
පුන්චි තිරයේ හැඩකාර පුන්චි තාරකාව තාරුකා වන්නිආරච්චි (Tharuka Wanniarachchi) මේ දිනවල ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවිය ලබාගන්න සූදානමෙනුයි ඉන්නේ. ඉතින් ඒ ගැනයි අද අප ඔබ වෙත ගෙන එන්න හදන්නේ..
කොහොමද මේ දවස්වල කාලය ගතවෙන්නේ ?
මම කරපු කැලෑ හඳ ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. ඒකත් බලාගෙන මේ ඉන්න තත්ත්වෙත් එක්ක ගෙදරට වෙලා තමා ඉන්නේ.
මේ කාලය ගත කරන්නේ අලුත් බලාපොරොත්තුවක් එක්කනේ
ඔව් ඇත්තටම. කාන්තාවක් විදියට ජිවිතේ ලබන උතුම්ම පදවියට සූදානමින් ඉන්නේ.
මේ කාලේ වැඩි රුචිකත්වයක් තියෙන කෑම මොකක් ද?
කේක් ජාති තමා මම වැඩියෙන්ම කන්න ආස. ඒ නිසා මහත්තයත් මට විවිධ කේක් ජාති ගෙනත් දෙනවා. පහුගිය කාලෙම අම්මා හිටියේ මගේ ළඟ. අම්මත් ඉතින් මට විවිධ පැණි රස කෑම හදලා දුන්නා. මොකද මම මේ කාලේ ආසවුණේ පැණි රස කෑමවලට නිසා.
බබා ලැබෙන්න ඉන්න කාලේ කොවිඩ් 19 වගේ වසංගත තත්ත්වයක් ආපු එක ගැන මොකද හිතුනේ?
කොහොමත් අපි බබෙක් හම්බෙන්න ඉද්දි පරිස්සම් වෙනවනේ. ඒ නිසා ගෙදරට සීමාවීම එක පැත්තකින් හොඳක් වුණා. එකම දේ ඇවිදින්න එහෙම වුණේ නැති නිසා මහත් වුණු එක විතරයි වුණේ. අනිත් අතට නම් කොහොමත් වෙනදට වඩා සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න මේ කාලේ හැම අම්ම කෙනෙක්ම උත්සහ කරනවනේ. මම ගෙදර හිටියට මගේ මහත්තය දිගටම වැඩට ගියා. එළියට ගිහින් ආවම එයා සෞඛ්‍ය අංශවල උපදෙස් හරියටම පිළිපැද්ද. ඒ නිසා අනිසි බයක් නම් ඇති වුණේ නැහැ.
දුවෙක්ටද පුතෙක්ටද ආසාවෙන් හිටියේ ?
මම නම් ආස කළේ දුවෙක්ට. අපි කැමති දේත් තිබ්බට එහෙමම බැහැනේ. ලැබෙන දරුවා ආදරෙන් භාරගන්න සූදානම්.
පුතෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැන ගත්තම ඇතිවුණ හැඟීම මොකක් ද?
අනේ මන්දා. මම පුතෙක් බලාපොරොත්තුවෙන් හිටියේ නැති නිසා එක පාරට පුතෙක් කිව්වම ෂොක් වුණා වගේ. දැන් නම් මාරම ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලන් ඉන්නේ පුතාගේ මුහුණ දකිනකම්.
එතකොට හස්බන්ඩ්ගේ කැමැත්ත තිබ්බේ?
එයාට නම් එහෙම විශේෂයක් තිබ්බේ නැහැ. ඒත් පුතෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්තම එයා සතුටු වුණා.
දැන්ම හිතල ද තියෙන්නේ දාන නම ගැන?
මේ දවස්වල හිත හිත ඉන්නේ මොන වගේ නමක් ද තියන්නේ කියලා.
තාරුකාගේ උපන්දිනෙත් අගෝස්තු මාසේ පුතා උපදින්නේත් අගෝස්තු මාසේ මොකද හිතෙන්නේ ඒ ගැන?
මගේ උපන්දිනේ අගෝස්තු 20 නිසා. මුලින් හිතුනා මගේ දවසෙම උපදී ද කියලත්. දැන් නම් ඒක චුට්ටක් වෙනස් වෙනවා. කොහොමත් මම පුතා ලැබෙන්න කලින් ඉඳලම හිතුවේ මේ තමා මම ගන්න අන්තිම උපන්දින පාටිය. ආයේ පාටි ගන්නේ නැහැ. දානයක් වගේ පිං අතේ වැඩක් කරනවා කියලා. එහෙම හිතුවට පස්සේ තමා පුතා ලැබෙන්න ඉන්න බව දැන ගත්තේ. අගෝස්තු වලට එකතු වෙලා උපන්දිනය සමරන්න කෙනෙක් ඉන්න නිසා ගොඩක් සතුටුයි.
මව් පදවිය ලැබෙන්න ඉද්දිත් රඟපැවා නේද?
මේ දිනවල විකාශය වෙන කැලෑ හඳ ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් වලට තමා සම්බන්ධ වුණේ. ඒ කොටස් කිහිපය නාට්‍යයට අත්‍යවශ්‍ය නිසා මේ ඉන්න තත්ත්වයෙන් අමාරුවෙන් හරි සහභාගි වුණා. දැන් විකාශය වෙන නිසා සමහර විට ප්‍රේක්ෂකයින්ට ඒ වෙනස තේරෙයි.
ඉදිරියටත් කෙටි විවේකයකින් පස්සේ රඟපාන්න සූදානම් ද?
මම කවදාවත් රංගනයෙන් ඈත් වෙන්න හිතලා නැහැ. මට ගෙදරින් පවා දැන් ඇති නවත්තන්න කියලා නැහැ. ඒ නිසා ඉදිරියටත් ලැබෙන ආරාධනා අනුව තෝරා ගත්ත නිර්මාණවල මම රඟපාන්න සූදානම්.
කලාව තුළ දිගටම නියැළෙන්න හස්බන්ඩ්ගෙන් අකමැත්තක් නැද්ද?
මහත්තය මුල ඉඳන්ම අකමැත්තෙන් හිටියේ නැහැ. පුළුවන් නම් කරන්න කියලා තමා එයා කියන්නේ. ඉතින් තවමත් එයා එහෙම තමා. හැබැයි ඉතින් පුතා එක්ක ගෙදර තත්ත්වය කොහොම වෙයිද දන්නේ නැහැ. ඒකත් බලලා ඉදිරියේදී තෝරා ගන්නවා.
ඉස්සරහට එන්න තියෙන නිර්මාණ මොනවද?
ටෙලි නිර්මාණ නම් ගොඩක් තියෙනවා. චිත්‍රපටයකුත් තියෙනවා. දැන් තියෙන මේ කොවිඩ් 19 තත්ත්වය එක්ක ඒක නම් කවදා එයිද කියන්න බැහැ. ඒක ත්‍රාසජනක ගණයට අයත් හොඳ චිත්‍රපටයක්.
දැන් බබා ලැබුණම තාරුකා අම්මලාගේ ගෙදර යනවද?
නැහැ. මහත්තයාගේ ගෙදරම තමා ඉන්නේ. මොකද එයා වැඩ අධික කෙනෙක්. එයාව තනියම තියලා ගෙදර යන්නත් බෑනේ. ඒ නිසා අම්මා එනවා අපේ ගෙදර. ඒක මම හිතන්නේ වැඩවලටත් ලේසි වෙයි කියලා හිතනවා.
පුතාගේ අනාගතය ගැන හිතල ද තියෙන්නේ?
මට වඩා ඒ ගැන මහත්තයා තමා හිතල තියෙන්නේ. මට වඩා ඒ ගැන මහත්තයට ලොකු දැනුමක් තියෙනවා. දාන්න ඕනේ පාසල සහ උගන්වන්න ඕනේ මොනවද කියලා පවා හිතලා තියෙන්නේ. අපි දන්නේ නැහැ කොයි තරම් දැනුම් පරාසයක් තියෙයි ද කියලා. ඒ සියල්ල බලලා විදේශ අධ්‍යාපනයක් ලබා දෙන්න තමා තාත්තගේ නම් කැමැත්ත.
කලාවට සම්බන්ධ කරන්න කැමැත්තක් තියෙනවද?
කවදා හරි එයා තෝරා ගත්තොත් කමක් නැහැ. අපි බල කරන්නේ නැහැ කවදාවත්. අධ්‍යාපනය සම්පූර්ණ කරගෙන ඕනේම දෙයක්.
දැන් තාරුකා රංගනයට ඇවිත් අවුරුදු කීයක් ද?
අවුරුදු 10ක් වෙනවා.
මේ කාලය තුළ කළ කී දෑ ගැන තාරුකා තෘප්තිමත් ද?
සමහර චරිත තියෙනවා මග තොටේදී තාම කතා කරන. හොඳ නිර්මාණ කිහිපයකටම දායක වෙන්න ලැබුණා. මම කරන්න ආසාවෙන් ඉඳලා නොලැබුණු නිර්මාණත් තියෙනවා ඒ අතර. සමස්තයක් විදියට සතුටු වෙන්න පුළුවන්.
හැකියාව ඉස්මතු කරගෙන රඟපාන්න පුළුවන් චරිත ලැබුණු නිසා. මට මේ හැමදේම ලැබුණේ කලාව නිසා. ඒ ගැන ගොඩක් සතුටුයි.
ආසාවෙන් ඉඳලා නොලැබුණු චරිත මොනවද?
නැටුම් ගුරුවරියකගේ චරිතයක් කරන්න මම ආසයි. එහෙම චරිතයක් මට පහුගිය දවසක ලැබුණත් විදෙස් සංචාරයක් බලාපොරොත්තුවෙන් හිටිය නිසා එය මග හැරුණා. ඉදිරියේ දී එවැනි චරිතයක් ලැබුණොත් බොහොම කැමැත්තෙන් භාර ගන්නවා.
ඉක්මනින් විවාහ වීම, දරුවෙක් හැදීම ඇතැම් අය කලා ගමනට බාධාවක් කියලත් හිතනවනේ, තාරුකා කොහොමද ඒ දේ දකින්නේ?
මම එහෙම හිතන්නේ නැහැ. නිසි කලට විවාහ වෙන්න ඕනේ. දරුවෝ ලබන්න ඕනේ කියල මම හිතන්නේ. ඔය දේ හිතන්නේ පෞද්ගලික ජීවිතේට වඩා වෘත්තීය ජීවිතේට තැන දීලා කටයුතු කරන අය. හැබැයි මම වෘත්තීය ජීවිතය කරන කාලේ ඒ වෙනුවෙන් තැන දුන්නා. අපි මොනවා කළත් අපිටම කියලා පෞද්ගලික ජිවිතයක් තියෙන්න ඕනේ. දැන් මම මගේ පෞද්ගලික ජීවිතේට මුල් තැන දීලා තියෙන්නේ.
අනාගත බලාපොරොත්තු මොනවද?
දැන් තියෙන බලාපොරොත්තුව පුතාව රටට ලෝකයට වැඩදායි දරුවෙක් කරන එක. එයා ගැන තමා බලාපොරොත්තු තියන් ඉන්නේ. වෙන ලොකු බලාපොරොත්තු කියලා කියන්න දේවල් නැහැ. කලාව පැත්තෙන් ඉදිරියේදී හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉතින් මොනව වෙයිද කියලා.
🖊 සටහන : අනුෂා රණසිංහ





https://digiartia.com/product/newsmag-three-column-responsive-wordpress-magazine-theme/
https://digiartia.com/product/newsedge-news-magazine-html-template/

Recent Posts
-
Uncategorized
/ 1 වසරක් agoපරාජය දරාගැනීමට නොහැකිව මල්ලී වෙනුවෙන් විනිසුරුට කණේපාර දුන් අක්කාට සිදුවූ දේ
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර හැව්ලොක් පිටියේ පැවති ආර්.එස්. ද...
By Sajith -
Uncategorized
/ 1 වසරක් agoකොච්චර අමාරු වුණත් ජනතාවට සහන දෙන්නෙමි – අගමැති
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ දේශපාලන දිවියට වසර 20 පිරීම නිමිත්තෙන් බත්තරමුල්ලේ පෙරේදා (26) පැවති...
By Sajith -
Uncategorized
/ 1 වසරක් agoඩොලර් අර්බුදයෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණයත් නවතී?
රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය...
By Sajith -
Uncategorized
/ 1 වසරක් agoලබන සතියේ සිට දුම්රිය ගාස්තු වැඩිවන ලකුණු
විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
By Sajith
Latest Gallery
-
Gallery
/ වසර 3ක් agoඅතීතයේ තරමට අද ගෙවන්නේ නැහැ. ගෙවන ගාස්තු වැඩි වෙනව නම් හොදයි.
අතීතයේ තරමට අද ගෙවන්නේ නැහැ…ආර්ටිස්ලට ගෙවන ගාස්තු වැඩි වෙනව නම් හොදයි… උදයන්ති කුලතුංග (Udayanthi...
By Shaan (ෂාන්) -
Gallery
/ වසර 3ක් agoචුලක්ශි රණතුංග සරාගී රංගනයක – ටැටූ වළලු
වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න… >> පසුගිය කාලයේ සංක දිනෙත්ගේ (Sanka Dineth)...
By Shaan (ෂාන්) -
Gallery
/ වසර 3ක් agoමම රඟපාන්න කැමති නෑ – දමිත් රඹුක්වැල්ල
දමිත් රඹුක්වැල්ල (Ramith Rambukwella) කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුගේ පියා (Keheliya Rambukwella) දේශපාලකයෙක් කියලත්...
By Shaan (ෂාන්) -
Gallery
/ වසර 3ක් agoධනංජය සිරිවර්ධන පිය පදවියට ඡායාරූප පෙලක්
ධනංජය සිරිවර්ධන (Dhananjaya Siriwardena) කියන්නේ ප්‍රේක්ෂකය හදවත් තුළ රැදුණු දක්ෂ, කඩවසම් රංගන ශිල්පියෙක්. ඔහුගේ...
By Shaan (ෂාන්)