Connect with us

Gossip

“කූඹියෝ” ප්‍රියන්ත මහඋල්පතගමට ලැබුණු ප්‍රතිචාර “සූස්ති” චිත්‍රපටයට

වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න>>

ඔබේ පිටපතින් සහ රංගනයෙන් හැඩවුණු සූස්ති චිත්‍රපටය තිරයට ඇවිත්? 

ඔව්. චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. මේක කණ්ඩායම් හැඟීමකින් කරපු අත්හදාබැලීමක්. උදාර පල්ලියගුරුගේ නිෂ්පාදනයක්. පිටපත ලිව්වේ මම. කුෂාන් වීරරත්නගේ අධ්‍යක්ෂණයක්. කැමරාකරණයට සම්බන්ධ වුණේ චින්තක සෝමකීර්ති.

මෙවැනි මොහොතක නිර්මාණ එළියට දැමීම මූල්‍යමය වශයෙන් අවාසි සහගතයි නේද? 

ලංකාවේ තරුණ සිනමාකරුවො බොහෝ කාලෙකට කලින් තමයි වැඩ පටන් අරගෙන තිබ්බේ. කොවිඩ් නිසා ඔවුන්ට එළියට එන්න හොඳ අවකාශයක් නිර්මාණය වුණා. පාඩු ලැබුවත් අලුත් නිර්මාණවලට එළියට එන්න මේක මාර චාන්ස් එකක්. තෙලිඟු, මලයාලම් වගේ “ශ්‍රී ලන්කන්” කියන සිනමාවක් ආරම්භ වෙයි මේ අලුත් චින්තනයට ඉඩක් ලැබුණොත්. ඒක පාලකයන්ගේ, පරිපාලකයන්ගේ ක්‍රියාව මත සිද්ධ වෙන දෙයක්. 

ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් ලෙසද “සූස්ති” (Soosthi) චිත්‍රපටය මෙවැනි මොහොතක තිරගත කරන්නේ? 

මම අන්තිමට කරපු ෆිල්ම් එක තමයි මුලින් ආවේ. මම රඟපාපු ෆිල්ම් 8ක් තව එන්න තියෙනවා. කොවිඩ් නිසා තමයි මේ චිත්‍රපටය හරි මෙහෙම එළියට ආවේ. 

චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

තාම මට ලොකු ප්‍රතිචාරයක් අහන්න ලැබුණේ නැහැ. මොකද කොරෝනා තත්ත්වයත් එක්ක සිනමාශාලාවලට ප්‍රේක්ෂකයො එන එකේ සීමා වීමක් තියෙනවා. අපි බලමු ඉදිරියට.

“කූඹියෝ” ප්‍රියන්ත මහඋල්පතගමට ලැබුණු ප්‍රේක්ෂක ආදරය තාමත් ලැබෙනවද? 

ඔව්. අනිවාර්යයෙන්ම තාමත් ඒ ආදරේ තියෙනවා. 

මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්න ටෙලි නාට්‍ය මොනවද? 

මේ දවස්වල ටෙලි නාට්‍යවල නම් නැහැ. කූඹියෝ 2 කරනවා කියලා ලකා කියලා තියෙනවා. වෙන නිර්මාණ නම් භාරගන්නෙත් නැහැ. ආවෙත් නැහැ. කසුන් මහේන්ද්‍ර හීනටිගලගෙයි ලකාගෙයි වෙබ් ෆිල්ම් එකක වැඩ කළා. 

සිනමාව පැත්තෙනුත් අලුත් වැඩ වෙන්න ඇති? 

මන්කි මෑන්, “දුරදිග මිසයිල” කියන චිත්‍රපටවල වැඩ ඉවර කරමින් යනවා. ලක්රුවන්ගේ ඇප් එකකට කරන ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න ඉන්නවා. ඒ වගේම කලර්ස් චිත්‍රපටය කරපු උපුල්ගේ චිත්‍රපටයක වැඩකටයුතු පිළිබඳව කතාබහ කරමින් යනවා. 

දැන් කලණ වේදිකාවෙන් ඈත් වෙලාද?

මේ තියෙන වැඩකටයුතු එක්ක වේදිකාවේ වැඩකටයුතු භාර ගත්තෙ නැහැ. එහෙම වුණොත් ඒක නාට්‍යයේ අධ්‍යක්ෂවරයාට කරන අසාධාරණයක්. ඒ නිසා මේ වැඩ ටික කරගෙන ඉන්නවා. 

කලණ ගුණසේකර කියන්නෙ රංගන ශිල්පියෙක් වගේම කවියෙක්නෙ. ඔබේ අලුත් කාව්‍ය නිර්මාණ ළඟදි ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයිද? 

මම කවියෙක් නම් නෙමෙයි. හැබැයි “මූසිල” කියන කවි පොතේ කවි 280ක් නම් ලියලා තියෙනවා. ළඟදි කවි පොතක් නම් ලිව්වේ නැහැ. හැබැයි “ශිකර නිරුවත් සරාගිනිය” කියලා නවකතාවක් නම් ලිව්වා. ඒක ළඟදීම එළියට එයි.

රංගන ශිල්පියෙක්, රචකයෙක් කියන භූමිකා අතරින් ඔබේ වැඩි කැමැත්ත ඇහුවොත්? 

මම වැඩියෙන්ම කැමැති රචකයාගේ භූමිකාවට. ඒ මට ලියන්න බැරි හින්දා. ඒක මම ඉගෙන ගන්නවා. ඊළඟට මම කැමැති රංගන ශිල්පියාගේ භූමිකාවට. ඒකත් මට බැරි හින්දා. ඒකත් මම ඉගෙන ගන්නවා.

දේශපාලනික නැඹුරුවක් තියෙන චරිතවලට වැඩි දායකත්වයක් දක්වලා සැබෑ ජීවිතේ දේශපාලනයට එන්න අදහසක් නැද්ද? 

මම දේශපාලන විද්‍යාව හදාරලාත් නැහැ. පරිපාලනය දන්නෙත් නැහැ. ඒ හින්දා මිනිසුන්ට බලු වැඩ කරන්න මම කැමැති නැහැ.

ප්‍රේක්ෂකයො තදින් වැලඳගත් රංගන ශිල්පියෙක් විධියට ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් යමක් කිව්වොත්?

ඇත්තටම අපි ජීවත් වෙන්නෙ ප්‍රේක්ෂකයො නිසා. ඒගොල්ලො අපි කරන දේවල් ප්‍රතික්ෂේප කළොත් එතැනින් එහාට ආට් එකක් නැහැ. අපි කරන නිර්මාණවල ප්‍රධානම භූමිකාව ප්‍රේක්ෂකයො ළඟ තියෙන්නෙ. මේ වෙලාවේ සිනමාකරුවො ඔවුන්ගේ නිර්මාණ එළියට දාන්න බයයි. මේ තුළ තරුණ සිනමාකරුවන්ට අවස්ථාවක් උදාවෙලා තියෙනවා.

ඒක බෙල්ල ගහලා යන අවදානම් තත්ත්වයක්. ඒත් මේ මොහොතේ ප්‍රේක්ෂකයො තරුණ පරම්පරාව වැලඳගත්තොත් ඒගොල්ලන්ගෙ කාලය, ශ්‍රමය වැය කරලා හෝල්වලට ඇවිත් ෆිල්ම් බැලුවොත් මලයාලම් වගේ ශ්‍රී ලංකා සිනමාවේ අලුත් තත්ත්වයක් ඇති වෙයි. ශ්‍රී ලංකාවේ අලුත් සිනමාකරුවන් ගොඩනඟන්න අවශ්‍ය නම් මේක හොඳ අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ සිනමාව මේ මොහොතේ ප්‍රේක්ෂකයන්ට භාරයි. තීරණය ඔවුන් අතේ.

පවුල් ජීවිතේ ගැනත් කතා කරමු? 

මට ඉන්නෙ අම්මයි මල්ලියි මගේ බිරියයි. ඇය ගයත්‍රි. ඇය පෞද්ගලික නාළිකාවක වැඩ කරනවා. එයාගේ අම්මයි තාත්තයිත් අපිත් එක්කමයි ඉන්නෙ. අපි ඉතින් ප්‍රශ්නයක් නැතිව ඉන්නවා. 

ඔබේ වැඩවලට ගයාත්‍රිගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා ඇති? 

කරදර කරන්නෙ නැහැ. ඒ නිසා මට වැඩ ටික කරගෙන ඉන්න පුළුවන්.

🖊 සටහන (උපුටා ගැනීම): ඉරේෂා කල්හාරි සේනාධීර

වීඩියෝව (video) පහතින් බලන්න...

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gossip