Connect with us

Gossip

රොෂාන් රණවන පවුලේ අලුත් සාමාජිකයා සමඟ විවාහ සංවත්සරය සමරයි

වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න>>

අපි කවුරුත් ආදරය කරන කඩවසම්, දක්ෂ නළුවෙක් තමයි රොෂාන් රණවන (Roshan Ranawana) කියන්නේ. ඔහු ලාංකීය සිනමාවේ මෑතකාලීන සළකුණ කිව්වොත් සියලුදෙනා අවිවාදයෙන් පිළිගන්නවා.

ඔහුගේ ආදරනීය බිරිඳ තමයි කුෂානි. පහුගිය දිනක ඔහු පිය පදවියෙන් පිදුම් ලැබුවා. තම අදරනීය සිඟිති පුතු සමඟ රොෂානුත්, බිරිඳත් තම විවාහ සංවත්සරය ද සමරනු ලැබුවා.

ඒ ඔවුන්ගේ හයවන විවාහ සංවත්සරයයි. “අපි විවාහ වෙලා හරියටම අවුරුදු හයක් වෙනවා. ඒ මතකයන් හරිම සුන්දරයි. ඔයා තමයි මගේ ජීවිතේ හොඳම යාලුවා, ඒ වගේම තමයි මට ලැබුණු හොඳම තෑග්ගත් ඔයා. සුභ විවාහ සංවත්සරක් මගේ බිරිඳට” යනුවෙනුයි රොෂාන් තම ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබුණේ.

ඒ වගේම තම විවාහ සංවත්සරය කේක් කපමින් සමරන වීඩියෝ පටයක් සමාජ ජාලා වලට එක්කිරීමටත් ඔහු අමතක කර තිබුණේ නැහැ.

🖊 සටහන : නිශී හේවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gossip