Connect with us

Article

ලෝකයේ ත්‍රාසජනකම සුවිශේෂී පිහිනුම් තටාක

වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න>>

විවිධාකාරයේ පිහිනුම් තටාක අපි දැක තිබෙනවා. නමුත් ලෝකයේ පවතින විශාල විවිධත්වය හේතුවෙන් අපට සිතා ගන්නටත් බැරි ආකාරයේ පිහිනුම් තටාක ලෝකයේ තියෙනවා.

අද අපි කියන්න යන්නේ ඒ වගේ සුවිශේෂී පිහිනුම් තටාක ගැන. මෙම පිහිනුම් තටාක වල නෑමට නොව ඒවා දැකීම පවා සාමාන්‍ය පුද්ගලයෙක් ගේ ඇඟ කිලිපොලා යන ත්‍රාසජනක අත්දැකීමක් වනු නොඅනුමානයි.

පළමුවැන්න Jueyan water park. මුහුදේ නෑමට ඉතා සමාන මෙම පිහිනුම් තටාකයේ මුහුදේ මෙන් රැලි ඇතිවීම දක්නට ලැබෙනවා. මේවා කෘතිමව ඇති වන නිසා ජනයාගේ ජීවිත අවදානමට වුව ද හේතු විය හැක.


දෙවැන්න යක්ෂයාගේ තටාකයයි (Devils Pool Victoria Falls). පාෂාණ ඛාදනය නිසා මේ වික්ටෝරියා ඇල්ල අසල මේ ආකාරයේ තටාක නිර්මාණය වී තිබෙනවා.

මීටර් 103 ක් පමණ ප්‍රපාතයක් එය අසල පවතිනවා. එම නිසාවෙන් ජීවිත හානි වුවද සිදුවිය හැක. නමුත් එහි කෙළවර ස්වභාවිකව නිර්මාණය වී ඇති බාධකයක් ද දක්නට ලැබෙන බව පැවසිය යුතුය.

Saturday 26th January 2019 (afternoon) – Victoria Falls from the ...

තෙවැන්න නම් ඉතාලියේ Y-40 the deep Joy. මෙම තටාකය ලොව ගැඹුරුම තටාකය ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය අඩි එකසිය තිහක් ගැඹුරු වන අතර, මෙය තට්ටු 14 කින් යුක්ත වේ.

එහි ඝන අඩි එක්ලක්ෂ පනස්දාහක් තරම් ජල ප්‍රමාණයක් තිබෙනවා. එහි පිහිනන්නන්ගේ ජීවිත වලට වන අනතුරු ගැන කිසිවකු වගකියන්නේ නැහැ.

center>Y-40®<br> The Deep Joy</center> - Millepini Hotel Terme & Y-40

San Alfonso Del Mar මීළඟ ජල තටාකයයි, 2006 ලොව විශාලතම පිහිනුම් තටාකය බවට පත්වූයේ මෙයයි, මෙහි ජල ගැලුම් මිලියන හැට හයක් පමණ තිබෙනවා යැයි සඳහන් වෙනවා.

මේ ලොව ගැඹුරුම දිය තටාකය ලෙසද ඔයා ජිනස් වාර්තා පොතට එක් වුණා. මේ අඩි 115ක් තරම් ගැඹුරුයි. ස්කැන්ඩිනේවියාවේ ජනතාව සීත සෘතුවේ ශීත ජලයට පැන දිය නාන අතර, මොවුන් ලොව සතුටින්ම සිටින ජනතාව ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙම සීත ජලයේ පිහිනීමත් ත්‍රාසජනක අත්දැකීමකි. මරණයේ තටාකය මෙය හවායි වල කුවායි දූපතේ පිහිටා ඇත. මෙහිදී දියේ ගිලීම හෝ පාෂාණ වල හිස වැදීමෙන් බොහෝ පිරිස් මිය යනවා.

Apartment San Alfonso del Mar, Goleta, Algarrobo, Chile - Booking.com

Marina Bay Sands ලොව උසම පිහිනුම් තටාකය වන මෙය සිංගප්පූරුවේ පිහිටා තිබෙනවා. මේ මිටර් 340 ක් තරම් උසින් පිහිටා තිබෙනවා.

Swimming Pool, Skelleftea මෙය අධික ශීතලෙන් යුතු පිහිනුම් තටාකයක් වන අතර මෙහි පිහිනුම් තරග ද පවත්වනු ලබනවා. මේවා ලොව භයානකම පිහිනුම් තටාක අතර ප්‍රමුඛස්ථානය ගන්නා ඒවා ලෙස හඳුන්වන්න පුළුවන්.

Safdie Architects

🖊 සටහන : නිශී හේවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Article