Connect with us

Article

තෙල් සහිත ආහාර භාවිතා කළ යුතු නිවැරදි ක්‍රමය කුමක්ද?

තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ කොටසක්. නමුත් බෝ නොවන රෝග රැසකටත් හේතුව මේ පෝෂණ කොටස වැරදි ලෙස භාවිතයට ගැනීමයි.

Esta es la peor comida para la salud de las arterias
colesterol

අධි කොලස්ට්‍රෝල්, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආගාතය,අංශභාගය වැනි රෝග වලක්වා ගැනීමට කළ යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට භාවිත කිරීම මිස අතහැරීම නොවේ.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ශරීරයට අවශ්‍ය මුළු ශක්ති ප්‍රමාණයෙන් සියයට 15-30ත් අතර ලබාගත යුත්තේ මේදයෙනි.

කළලයේ නිසි වර්ධනය, මිනිස් සිරුරේ ස්නායු, රුධිර වාහිනී, බහිස්‍රාවීය හා ප්‍රතිශක්තී පද්ධති වල නිසි වර්ධනයට සහ ක්‍රියාකාරීත්වය සඳහා, මෙම මේද අම්ල අත්‍යවශ්‍ය වෙනවා.

ලාංකිකයන්ගේ මේදය ලබාගන්නා ප්‍රභවය පොල්ය. මෙය පොල් තෙල් සහ පොල් කිරි ලෙස භාවිත කරනවා. පස් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට මධ්‍යම ප්‍රමාණයේ පොල්ගෙඩියක් භාවිතා කිරීම සුදුසුයි.

The Truth About Coconut Oil | | Keck Medicine of USC

මේද තැවරුම් තෝරාගැනීමට පෙර එහි ඇති ලේබලය කියවා, සියයට එකට වඩා අඩු ට්‍රාන්ස් මේදය අඩංගු තෙල් භාවිතයට සුදුසු වෙනවා.

කේක්, පේස්ට්‍රි, බිස්කට්, රෝල්, කට්ලට් වැනි කෙටි ආහාර , ගැඹුරු තෙලේ බදින ලද ආහාර වලද ට්‍රාන්ස් මේදය අඩංගු විය හැකි බැවින් එම ආහාර පාලනය කළ යුතුවේ.

Diet Chart For Low Cholesterol Patient, Low Cholesterol Diet chart ...

🖊 සටහන : නිශී හේවා

>> මිනිස් මුත්‍රාවලින් ගඩොලක්
>> කෙතරම් අමාරු විෂයයක් වුණත් ඔබේ මොළයට ඕනෑ ම දෙයක් ඉගෙන ගැනීමට පුළුවන්

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Article