වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න… >>
නයෝමි තක්ෂිලා (Nayomi Thakshila) කියන්නේ ලංකාවේ තරුණ, රූමත්, දක්ෂ රංගන ශිල්පිනියක්. වේදිකා නාට්‍ය සඳහා ද රංගනයෙන් දයක වන ඇය පසුගිය වසරේ ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයද හිමි කරගනිමින් රංගන ක්ෂේත්‍රයේ දීර්ඝ ගමනක් ඇරැඹුවා.
අද අපි බලාපොරොත්තු වන්නේ ඇයගේ කලා කටයුතු සම්බන්ධයෙන් සොයා බලන්නයි.
ඇය පවසන ආකාරයට ඇය වඩාත් කැමැත්තක් දක්වන්නේ “දක්ෂතම නිළිය” සම්මානය හිමි කර ගැනීමට වන අතර, එය ලබා ගැනීමට ඇයට තවදුරටත් රූපණ ක්ෂේත්‍රයේ බොහෝ දේවල් ඉගෙනීමට ඇති බවත් ඇය තවම නවක නිළියක් බවත් පැවසුවා.
ඇය මේ දිනවල රංගනයේ නියැලිලා ඉන්න වෙනස්ම විදිහේ චරිතයක් වන රන්තිලිවැව ටෙලිනාට්‍යයේ, මුතු මැණිකා ඇයගේ ජීවිතයට ඉතාම සමීප චරිතයක් බවත් ඇය පැවසුවා.
මන්ද ඇයද ගමක හැදී වැඩුනු හා කෘෂි කර්මාන්තයට සම්බන්ධ නිසාය. ඇය ආදරය, විවාහය ගැන හොදින් සිතා තීරණ ගත යුතු බවත් තවම පෙම්වතියක් නොවන බවත් පවසා සිටියා.
ඇය පවසා සිටින්නේ ” මගේ ගම අනුරධපුරේ නෙල්ලිකුලම, අපේ ගමේ වැඩිපුර ඉන්නේ ගොවිකම ජීවිකාව කරගත්ත ගැමියෝ. පොඩි කාලෙ ඉදන් අම්මලගේ ගොවිතැන් වලට මම උදවු කලා.
ඇලේ දොලේ වැවේ අපි සෙල්ලම් කලා. මට ලැබුණු චරිත ප්‍රතිනිර්මාණය කිරීමට ඒ හුරුව පිටුවහලක් වුනා.” .
තවද ඇය පුවත් පතකට ඇයගෙන් ඇසූ ප්‍රශ්ණ වලට පිලිතුරු ලෙස පසවසා තිබුනේ මෙලෙසිනි.
කුඩා කාලයේදි ගෙදරට එන අමුත්තන්ට පේන්න නටනවා කියන්නේ ඇත්තක්ද?
ඒක ඇත්ත. මගේ මවුපියන් සහ ඥාතීන් අදත් කියනවා ඉස්සර බබා දුව අපිට පේන්න ලස්සනට නටනවා කියලා. ගමේ අයයි, ඥාතීනුයි මට ආදරේට අදටත් කියන්නෙ බබා දුව කියලා.
ඒ කියන්නෙ පාසල් කාලයේදීත් කලාවට සම්බන්ධව සිටියා …
ඔව්. සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගියේ පුදියන්කුලම මහා විද්‍යාලයට. ඉන් පසුව උසස් පෙළ හදාරන්න අනුරාධපුරය ස්වර්ණපාලි බාලිකා විදුහලට ඇතුළත් වුණා.
කලාව කරන්න ඕන නිසාම උසස්පෙළට නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. පාසල් කාලයේදී පාසලේ පැවැත්වුණු හැම ඉවෙන්ට් එකකම මොකකට හෝ හිටියා. ඒකනේ දුෂ්කර පළාතක ඉඳලත් කලාවට එන්න වාසනාව ලැබුණේ.
කලාවට පිවිසුණේ කොහොමද?
ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව වසර දෙකක් හැදෑරුවා. ඔය කාලයේදි තමයි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.
මේ දවස්වල විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදි නාට්‍ය හා රංග කලාව පිළිබඳව උපාධිය හදාරනවා.
පවුලේ විස්තර ගැනත් කියමු නේද?
මගේ පවුලේ කිසිවකු කලාවට සම්බන්ධ නෑ. අම්මා, තාත්තා වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යනවා. අක්කල දෙන්නයි, අයියයි විවාහකයි. මම තමයි පවුලේ බාලයා. මේ සියලු දෙනාගේම ආදරය, රැකවරණය අඩු නැතිව ලැබෙනවා.
ප්‍රේමවන්තයා බලන්න නිතරම ගමේ යනවා කියන්නෙ ඇත්තක්ද?
වැඩ නැතිවුණාම ගමේ යනවා. කොහොමත් මාසයකට සැරයක් අනිවාර්යයෙන්ම ගමේ යනවා. හැබැයි පෙම්වතා බලන්න නම් නෙමෙයි. එයා ගැන මම පස්සේ කියන්නම්කෝ.
🖊 සටහන : නිශී හේවා
වැඩි විස්තර වීඩියෝ (video) පහතින් බලන්න...…