Connect with us

Article

මෙතෙක් හඳුනා නොගත් ඩයිනෝසර් විශේෂයක් එංගලන්තයෙන්

වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න>>

තෙරපෝඩ් වර්ගයේ (කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා වූ ද්විපාද මාංශ භක්ෂක ඩයිනෝසර වර්ගයක්) ඩයිනෝසරයන්ගේ නව ප්‍රභේදයකට අයත් ඇටකටු හතරක් පසුගිය වසරේදී ෂන්ක්ලින්වලින් හමු වූ බව දකුණු ඇම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ෆොසිල විද්‍යාඥයන් පවසයි.

මෙම ෆොසිල හමු වී තිබෙන්නේ 2019දී වන අතර ඒ, අවස්ථා තුනකදීය. පසුව මේවා ප්‍රදර්ශනය කිරීම සඳහා නුදුරින් පිහිටි සෑන්ඩවුන්හී ඩයිනෝසර් ((Dinosaur)) අයිල් කොෟතුකාගාරයට භාර දී තිබේ. මේවා හමු වී තිබෙන්නේ රොබින් වෝඩ් නම් පුද්ගලයාටය.

මෙතෙක් හඳුනා නොගත් එම ඩයිනෝසර් විශේෂය එංගලන්තයේ වයිට් දූපතින් හමු වී ඇති බව වාර්තා වෙනවා.එම ඩයිනෝසර වර්ගය දිගින් මීටර 4ක් පමණ වූ බව ගණන් බලා ඇති අතර එම වර්ගය ජීවත් වී තිබෙන්නේ මීට වසර මිලියන 115කට පමණ පෙර බව විද්‍යාඥයන්ගේ මතයය.

එම ඩයිනෝසර විශේෂයට Vectaerovenator inopinatus ලෙස නම් තබා ඇති අතර මාංශ භක්ෂක ද්විපාදික ඩයිනෝසරයන් සහ නවීන කුරුළු විශේෂයන් අයත් වන ඩයිනෝසර් කාණ්ඩයට එම විශේෂයද අයත් බව පිළිගැනේ.

මෙම නමෙන් යොමු දක්වන්නේ එම ඩයිනෝසරයන්ගේ බෙල්ලේ, කොන්දේ සහ වලිග ප්‍රදේශයේ ඇටකටුවල දක්නට ලැබෙන විශාල අවකාශයන්ය. මෙය විද්‍යාඥයන්ට තෙරපෝඩ් වර්ගය හඳුනාගැනීමට උපකාරවත් වන විශේෂ ලක්ෂණයක්ය.

“මෙම අවකාශයන් පෙනහල්ලේම කොටස් වන අතර ආශ්වාස කිරීමේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා මේවා උපකාරවත් වූවා විය හැකිය” යනුවෙන් දකුණු ඇම්ප්ටන් විශ්වවිද්‍යාලය සඳහන් කරයි.

🖊 සටහන : නිශී හේවා

Ref : >> New dinosaur species related to Tyrannosaurus rex discovered by scientists in England
>> New Carnivorous Dinosaur Unearthed on Isle of Wight

වැඩි විස්තර වීඩියෝ (video) පහතින් බලන්න...

An artist’s impression of Vectaerovenator inopinatus’ final moments. Image credit: Trudie Wilson.
Silhouette of Vectaerovenator inopinatus indicating where the bones are from. Image credit: Darren Naish.
Two of the four bones that were discovered last year, determined to belong to the Vectaerovenator inopinatus.
Two of the four bones that were discovered last year, determined to belong to the Vectaerovenator inopinatus.

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Article