Connect with us

Gossip

ශ්‍රියන්ත දැන් ගෙදර ඉන්නවා ටිකක් අඩුයි – කුසුම් රේණු

ශ්‍රියන්ත මෙන්ඩිස් (Sriyantha Mendis) සහ කුසුම් රේණු (Kusum Renu) කියන්නේ විවිධ චරිත හරහා අපගේ ආදරය දිනාගත් යුවලක්. ඔවුන් දෙදෙනා කලා දිවියේ පමණක් නොව එදිනෙදා ගත කරන පවුල් ජීවිතයේ දීද සැමියා සහ බිරිඳ ලෙස සුන්දර ජීවිතයක් ගතකරන යුවලක් විදියටයි අප ඔවුන්ව හඳුනාගන්නේ.

වේදිකා නාට්‍ය වලින් ආරම්භ කරගෙන, පුංචි තිරය සහ රිදී තිරය ජයගනිමින් රසික හදවත් අමන්දානන්දයටපත් කළ ඔවුන්ගේ දියණිය තරුකි අමායා මෙන්ඩිස් ය.

ඉතින් තම කලාකටයුතු ගැන දහස් දැක්වූ කුසුම් රේණු පැවසූයේ, ”මේ දිනවල කාර්යයබහුලයි. ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලා තියනවා. ටෙලිනාට්‍ය දෙකක රූගත් කිරීම් කරනවා,

ඒවගේම මට ලොකු අවස්ථාවක් ලැබුණා ප්‍රේක්ෂා කියන නාට්‍ය උලෙළට සුභ සහ යස, හංකිති 13 කියන වේදිකා නාට්‍ය වලට සහභාගිවීමට”.

තම පවුලේ තොරතුරු බෙදාහදාගත් කුසුම් රේණු කියාසිටියේ, “ලොකු දුව ඇදුම් නිර්මාණ ශිල්පිනියක්, පොඩි දුව හඬකැවීම් ශිල්පිනියක්. දැන් ඔවුන් අපිව බලාගන්න මට්ටමේ ඉන්නවා.

අපි දරුණු විදියට කැපකිරීම් කළා. දැන් ඒවයේ ප්‍රතිපල නෙළන කාලේ. ශ්‍රියන්ත දැන් ගෙදර ඉන්නවා ටිකක් අඩුයි කාර්යයබහුල නිසා”. යනුවෙනි.

🖊 සටහන : නිශී හේවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gossip