Connect with us

Article

මරියානා ආගාධය ජීවත්වන යකඩ නැවීමට පවා අධි පීඩනයට අනුගතවූ ජලජ ජීවීන්

වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න>>

මරියානා ආගාධය (Mariana Trench) තුළ ජීවත්වන අමුතු ජීවීන් පිලිබඳ ව සොයා බලමු. දකුණු පැසිෆික් සාගරයට ආසන්නව මරියානා දූපත් අතර පිහිටා තිබෙන මරියානා ආගාදය එම නම ලැබුණේ මරියානා දූපත් හේතුවෙන්.

මෙය විශාල රහස් සංඛ්‍යාවක් සඟවා ගෙන තිබෙන දූපතක්. කිලෝ මීටර් 1500 ක දිගින් හා කිලෝ මීටර් 11,000 කට අඩු ගැඹුරකින් යුතු මෙය වී(V) හැඩයෙන් යුක්ත වේ. මේ මහා ආගාධයක්.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙම ආගාධය තුළට එවරස්ට් කන්ද ඇතුල් කළ පසු හිඩසක් ඉතුරු වන බවයි. බොහෝ දෙනා විශ්වාස කළේ මේ තුළ ජීවයක් තිබිය නොහැකි බවයි.

නමුත් 1958 වර්ෂයේ දී සිදුකළ පර්යේෂණයකින් පසු එය එසේ නොවන බව තහවුරු කර ගැනීමට ඔවුන් සමත් වී ති⁣බෙනවා. එහිදී මෙහි ජිවීන් පවතින බවට සාක්ෂි බොහොමයක් ලැබී තිබුණි.

පෘෂ්ඨවංශීන්, බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ක්ෂුද්‍ර ජීවීන් ද මෙහි ජීවත් වන බවට පැහැදිලි සාක්ෂි හමුවී තිබුණි.

ඉතිහාසයේ පළවෙනි වතාවට මෙම ගැඹුරු ආගාධයේ නිරීක්ෂණය කිරීමේ අභියෝගය බාර ගත්තේ රුසියානු ජාතික පර්යේෂකයන් විසින්.

මිනිත්තු විස්සකට අඩු කෙටි කාලයක් තුළිදී ඔවුන් විසින් සිදුකළ ගවේෂණයෙන්මෙහි ජීවයක් පවතින බවට සනාථ කර ගැනීම සඳහා ඕනවට වඩා සමත් වුණා.

මරියානා අගාධය තුළ වායු පීඩනය වර්ග 1 cm කට ටොන් 3ක් පමණ වෙනවා. යකඩ නැවීමට පවා සෑහෙන මෙම පීඩනයට අනුගතවූ ජලජ ජීවීන් කිලෝමීටර් 11000ක් ගැඹුරු මුහුදේ ඔවුන් දැක ඇත්තේ අතිශය විශාල දැති හැඩැති වස්තුවක්.

ඔවුන් පවසන්නේ ම වස්තුව තමන් වෙත නෙත් යොමාගෙන සිටි බවයි. මේ කුමන සතෙක් වුවත් කුමන වස්තුවක් වුවත් එය දර්ශනය වී ඇත්තේ මිනිත්තු කිහිපයක් පමණයි.

ඔවුන් පවසන්නේ මෙය හඳුනා නොගත් ජීවියකු වීමේ වැඩි අවකාශයක් පවතින බවයි. තවද 1985 වර්ෂයේ දී පර්යේෂණ සිදුකර පර්යේෂකයන් පිරිසක් මරියානා ආගාධය නිරීක්ෂණය කිරීම සඳහා මීටර් 9 ක වපසරියකින් යුතු බෝලයක් වැනි උපකරණයක් මුහුදු පතුලට යවා තිබෙනවා.

ඉහළ සිට පර්යේෂණය සිදු කළ පර්යේෂකයින්ට විශාල ශබ්දයක් ඇසෙන්නට පටන්ගෙන තිබෙන්නේ එවිටයි. එහිදි උපකරණයේ ශක්තිමත් කේබල් පවා විනාශ කිරීමට සමත් දත් පහරවල් නිසා නිසා උපකරණය බිඳ වැටී ඇත.

මෙහිදී පර්යේෂකයන් අනුමාන කරන්නේ වසර මිලියන 50කට පෙර වඳ වී ඇතැයි සැලකෙන විශාල මුහුදු ජීවයක විසින් මෙය සිදු කරන්නට ඇති බවයි.

🖊 සටහන : නිශී හේවා

වැඩි විස්තර වීඩියෝ (video) පහතින් බලන්න...

>> මෙතෙක් හඳුනා නොගත් ඩයිනෝසර් විශේෂයක් එංගලන්තයෙන්
>> ලෝකයේ කිසිදා විවෘත නොකළ අභිරහස් කුටීර
>> ලෝකයේ ත්‍රාසජනකම සුවිශේෂී පිහිනුම් තටාක
>> කෙතරම් අමාරු විෂයයක් වුණත් ඔබේ මොළයට ඕනෑ ම දෙයක් ඉගෙන ගැනීමට පුළුවන්
>> මිනිස් මුත්‍රාවලින් ගඩොලක් – ජෛව ගඩොල් නමින් නම් කර ඇත

inkl - Evening Standard - 10 reasons why Belize is Central ...

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Article