Connect with us

Gossip

එයා කථිකාචාර්යවරයෙක්. එයා ළමයි අතර ගොඩක් ජනප්‍රියයි.

මගේ පෙම්වතාගේ එහෙම කිසිම රඟපෑමක් නැහැ. නම දැන්ම නොකියා ඉන්නම්, එයා ජනප්‍රියත්වයට කැමැති නැති වුණාට එයාගේ ක්ෂේත්‍රය ඇතුළේ එයා ජනප්‍රියයි..

ටෙලි නාට්‍ය නිළි විනු සිරිවර්ධන (Vinu Udani Siriwardhana) ලබන 28 වනදා විවාහ වීමට සූදානමින් සිටිනවා. සිය පෙම්වතා ගැන ඇය පැවසුවේ, “යාළුවෙක් තමයි අපේ ආදර කතාව හැදුවේ. එයාගේ නම නම් දැන්ම නොකියා ඉන්නම්.

එයා මගේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එයා කථිකාචාර්යවරයෙක්. ඔහු ළමයි අතර ගොඩක් ජනප්‍රියයි. මම එයාගේ මුහුණ පෙනෙන ඡායාරූප සමාජ මාධ්‍යයේ දාලා නැහැ. මම සමාජ මාධ්‍යයට දැම්මෙත් එයාගේ මුහුණ නොපෙනෙන ඡායාරූපයක්.

එයාගේ ජනප්‍රියත්වයට එයාව බොහෝ අය ඒ ඡායාරූපයෙන් පවා හඳුනාගෙන තිබුණා. සාමාන්‍යයෙන් බොහෝ අය තමන්ට තියෙන දෙයට වඩා පෙන්වන්න උත්සාහ කරනවානේ. හැබැයි මගේ පෙම්වතාගේ එහෙම කිසිම රඟපෑමක් නැහැ.

එයා සුරංගනා ලෝකයක ජීවත්වන කෙනෙක් නෙමෙයි. තියෙන දේවල්වලටත් වඩා අඩුවෙන් දේවල් පෙන්වන, සරල, කිසිම ආඩම්බරයක් නැති කෙනෙක්. බොරු ෂෝ එක දාගෙන ඉන්නේ නැති පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් නිසා තමයි මම එයාට කැමැති වුණේ.

මම මේ වෙනකල් මගේ විවාහය ගැන ලොකුවට කතා කළේ නැහැ. හැබැයි දැන් මගේ ජීවිතේ ඒ
සුවිශේෂම දිනය ළඟයි. මේ මාසේ අන්තිම සතියේ තමයි මගේ විවාහ දිනය යෙදිලා තියෙන්නේ.

ඉතිං ඒ වෙනුවෙන් තමයි මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ.

රටේ සහ ලෝකයේ පැවතුණු තත්ත්වය එක්ක විවාහ දිනය කල් දාන්න හිටියේ. නමුත් ඊට පස්සේ අපි කල්පනා කළා අපිට ඉදිරියට එන තත්ත්වයන් ගැන ස්ථීර බවක් තියාගන්න බැරි නිසා දැන් පවතින තත්ත්වය එක්ක යොදාගත් දිනයේ විවාහය සිදුකරන්න.

ඒ නිසා විවාහය කල් දැම්මේ නෑ. ලැබුණු නැකැත්වලට මේ මාසේ අග විවාහය සිද්ධ වෙනවා.
පෙම්වතා ජනප්‍රියත්වයට වැඩිය ආස කරන කෙනෙක් නෙමෙයි. මගේ ජනප්‍රියත්වයට එයාගේ අකැමැත්තක් නැහැ.

එයාගේ පවුලේ එයයි, අම්මයි, තාත්තයි, අක්කයි ඉන්නේ. එයාලාගේ පවුලේ අය මාව රංගන ශිල්පිනියක් ලෙස දැනගෙන හිටියා. ඉතිං එයා ජනප්‍රියත්වයට කැමැති නැති වුණාට එයාගේ ක්ෂේත්‍රය ඇතුළේ එයා ජනප්‍රියයි.

විවාහ යෝජනාවකින් තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ. වෙන ආදර කතාවලට වඩා වෙනස් ආදර කතාවක් වුණත් අපේ ආදරේ ශක්තිමත් කියලා දැනුණු නිසා අපි විවාහ වෙන්න සූදානම් වුණා.

සාමාන්‍යයෙන් අපිට දෙයක් නැති වුණාමනේ ඒකේ අගය වැඩිය දැනෙන්නේ. මට නම් නැතිවුණු කිසිම කෙනෙක් ගැන දුකක් නැහැ. දැන් මට ලැබිලා ඉන්න කෙනා ගැන මම ගොඩක් සතුටු
වෙනවා.

මම ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන් බොහෝ අය මගේ පෙම්වතා කවුද? විවාහය කවද්ද සිද්ධ
වෙන්නේ කියලා ඇහුවා. ඉතින් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු අටක් රංගනය වෙනුවෙන් සම්පූර්ණයෙන් කාලය කැප කළා.

විවාහ වෙන්න හදිස්සියක් තිබ්බේ නෑ. සුදුසු කෙනා ලැබුණාම විවාහ වෙන්න තීරණය කළා” යනුවෙනි.

🖊 සටහන : නිශී හේවා

>> ලඟදිම යුග දිවියට එලැබෙන රංගන ශිල්පීන්.
>> දිව්‍යාංගනාවක් අවශ්‍ය වුණාම මාව මතක් වුණාලූ – විනූ
>> විනූගේ පෙම්වතාගේ මූණට මොකද වෙලා තියෙන්නේ
>> මට ඉන්නවා ලස්සන, හුරතල් පූස් පැටියෙක්. එයා අසනීප වුණා. – විනූ

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gossip