වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න… >>
~ 01. The Chapel of Bones ~
ලොව සංචාරය කරන්න කියාපු ස්ථාන කිහිපයක් තමයි අද අපි ඔබට හඳුන්වා දෙන්න යන්නේ, පෘතුගාලයේ අස්ථිමය දෙව්මැදුර The Chapel of Bones, මෙය එම නගරයේ සිහිවටනයක් ලෙසද සලකනවා.
මෙම දෙව්මැදුරට මේ අකාරයේ නමක් හිමිවී තිබෙණුයේ එහි ඇතුළත එල්ලා ඇති මිනී ඇටසැකිලි හේතුවෙනි. මෙය 16 වන සියවසේ පැවදි උතුමෙකු විසින් ඉදිකරන ලද්දක් බවට තොරතුරු ලැබී තිබෙනවා.
ජීවිතයේ අනිත්යතාවය පිළිබඳව තේරුම් කිරිම උදෙසා නිර්මාණය කළ මෙය “මෙහි සිටිනා අස්ථි වන අපි ඔබලා ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා” මෙසේ සඳහන් කර ඇත්තේ මෙම මැදුරට ඇතුළු වන ස්ථානයේ ය.
~ 02. Hoia- baciu forest ~
Hoia- baciu forest හෙවත් අභිරහස් වනාන්තරය අද්භූත ත්රාසයජනක කතන්දර රැසකට උරුම කම් කියන මෙම වනාන්තරය, පෙන්සිවිනියාවේ පිහිටාතිබේ.
මෙම වනාන්තරයට මුලින්ම පැමිණ ඇත්තේ තම සතුන් සමඟ දඩයමේ යන එඩේරයෙක් වන අතර මෙම වනාන්තරය ආශ්රිතව පර්යේෂණ සිදු කරන පර්යේෂකයන් විවිධ ශබ්ද ඇසීමෙන් මෙම වනාන්තරය තුළ කම්පනයට පත් වූ බවද දැනගන්න ලැබෙනවා.
~ 03. The Hill Crosses ~
මීලග ස්ථානය කුරුස කන්ද The Hill Crosses. ලිතුවේනියාවේ පූජනීය ස්ථානයක් ලෙස සලකන මෙහි කුරුස 50 000 කට වඩා තිබෙන බව වාර්තා වෙනවා.
මෙම ස්ථානයේ කුරුසයක් තබා යාමෙන් තමාට වාසනාව උදාවන බවටත් විශ්වාස කරනවා.

~ 04. El Caminito del Rey ~
ස්පාඤ්ඤයේ මාරක පාලම El Caminito del Rey නිර්මාණයකර ඇත්තේ දියඇලි දෙකක් සම්බන්ධ වන ආකාරයෙනි.
කොන්ක්රීට් වලින් නිමවා ඇති මෙම පාලම හැතැක්ම 1.8ක් දිගින් යුක්ත වනවා. අඩි 3.2ක් පළලින් ද යුක්ත වනවා.
~ 05. Hanging coffins ~
Hanging coffins හෙවත් එල්ලෙන මිනී පෙට්ටි සගාඩාහි පිහිටා ඇත. මෙය එතරම්ම ප්රසන්න දසුනක් නොවුනත් මෙය එරට පුරාණ චාරිත්රයක් සේ සලකනවා.
~ 06. The Capuchin Catacombs ~
The Capuchin Catacombs ඉතාලියේ උමං සොහොන වන මෙහි, පුද්ගලයන් 8000කගේ පමණ සිරුරු තැන්පත් කර තිබේ.
~ 07. Car Cemetery ~
Car Cemetery හෙවත් කාර් සොහොන බෙල්ජියමේ පිහිටා ඇති මෙම ස්ථානය දෙවන ලෝකයුද්ධයෙන් පසු ඇමරිකානු සොල්දාදුවන් නික්මයාමට පෙර තම මෝටර්රථ තැබූ ස්ථානය ලෙස සැලැකේ.
🖊 සටහන : නිශී හේවා
>> මරියානා ආගාධය ජීවත්වන යකඩ නැවීමට පවා අධි පීඩනයට අනුගතවූ ජලජ ජීවීන්
>> ලෝකයේ ත්‍රාසජනකම සුවිශේෂී පිහිනුම් තටාක
>> මෙතෙක් හඳුනා නොගත් ඩයිනෝසර් විශේෂයක් එංගලන්තයෙන්
>> ලෝකයේ කිසිදා විවෘත නොකළ අභිරහස් කුටීර