Connect with us

Gossip

කාවින්ද්‍යා අධිකාරිගේ අලුත්ම ඉඟිය, අපේ ජීවිත ගැන දන්නෙ අපිනේ..

ඇත්ත කතා කරන්නයි බිම ඉදගන්නයි බයවෙන්න ඕන නෑ කියලා කියමනක් තියනවා. හැබැයි ඉතිං හැම වෙලාවෙම මිනිස්සු ඇත්ත කියන්නෙත් නෑ බොරු කියන්නෙත් නෑ.

අතුල සමිතා කියන්නේ එක කාලෙකදි ගායන ලෝකයට වේදිකාවට නැතුවම බැරි යුවලක්. සංගීත වේදිකාව ගැන කියද්දි මේ ගීතය අමතක කරන්නම බෑ. “මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාලවේ”.

රසිකයෝ විදිහට අපි කැමතිම ඒ යුවල එකට ගායනා කරනවා බලන්න. හැබැයි පෞද්ගලික හේතුමත ඔවුන් වෙන් වුණා. වෙනත් විවාහ වලට ගියා. පහුගිය කාලේ සමිතා ගැන කටකතා හැමතැනම පැතිරුණා.

ඒ චිරන්ත කියන ලාබාල තරුණයා සමඟ විවාහ වුණා කියන ආරංචියත් එක්ක. ඒත් මේ ගැන සමිතාගේ දියණිය කාවින්ද්‍යා (Kavindya Adhikari) පහුගිය දවසේ ව්‍යාකූල කතාවක් ඉදිරිපත් කර තිබුණා.

ඇය මේ ඉඟිකරන්නේ මොනවා ගැනද?
සමාජෙ මේ වෙද්දි තියන මාධ්‍ය නිදහසත් එක්ක ඕනම කෙනෙකුට ඕනම දෙයක් කියන්න කරන්න නිදහස තියන නිසා පසුගිය කාලෙ තමන්ගේ පවුල ගැන විවිධ ආකාරගේ කට කතා පැතිරුණා කියලයි කාවින්ද්‍යා අධිකාරි නම් කියන්නේ.

තමන්ගේ මා පිය පාර්ශවයන් ගැනත් ආඩම්බරෙන් කතා කරන්න ඇය අමතක කළේ නෑ.
වැඩිදුරටත් කතා කරපු කාවින්ද්‍යා කිව්වෙ ජනප්‍රිය තරු පවුල් ගැන මාධ්‍ය හරහා කතා බය කිරීම නිතර පුවත් මැවීම අරුමයක් නෙවෙයි කියලයි.

මව සමිතා එරන්දතීගේ පරන්පරාවෙත් ගත්තාත්, පියා අතුල අධිකාරි පරම්පරාවෙන් ගත්තාත් දෙපර්ශවයම කලා ක්ක්ෂේත්‍රයේ ජනප්‍රිය පවුල් බවයි. ඒ හින්දා ඕපාදූප වලින් හිත රිදවගන්නෙ නෑ කියලයි කාවින්ද්‍යා අධිකාරි කියන්නේ .

කවුරු මොනවා කිවුවත් අපි හරි නම් එච්චරයි. අපි ගැන මොනවා පළ කලත් අපි කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා කියලයි කාවින්ද්‍යා කියන්නේ. ඇය කතා කරන්නේ සමාජ මාධ්‍ය ජාලා ගැන කලකිරීමෙන්ද කියලත් නොහිතෙනවාම නෙවෙයි.

තරු පවුල් වල සිදුවෙන දේවල් උණු කැවුම් වගේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරුණත් අපේ ජීවිතවල ඇතුලාන්තය දන්නේ අපි විතරයිනේ කියලයි කාවින්ද්‍යා කියන්නේ.

අපි තප්පරෙන් තප්පරේට අපේ ජීවිතවල මොනවද වෙන්නේකියලා මාධ්‍ය යට කියන්න යන්නෙ නෑනේ.

කාවින්ද්‍යා මේ දෙන්නේ තවත් ඉඟියද්ද?
එහෙනම් සමිතා චිරන්ත කතාව පරණ වෙද්දි යාවත්කාලීන නොවූ ඊළග අලුත් කතාව මොකක් වෙන්න පුලුවන් ද?

🖊 සටහන : නිශී හේවා

>> නදීමාල්ගෙන් කාවින්ද්‍යා අධිකාරිට හොරෙන්ම මුද්දක්
>> සමිතා සැමියා සමඟ ගතකළ විවාහ දිවියේ සැමරුම
>> සමිතා මුදුන්කොටුව සහ තරුණ පෙන්වතා චිරන්ත යි විවාහ වෙලා
>> සමිතාගේ පවුලේ මධු සාදය – විවාහය නුදුරු දිනකදීම

>> සමිතා මුදුන් කොටුව සහ චිරන්ත ගුණවර්ධන (Photos)
>> ලංකාවේ living together හිටියත් වැරදී, ඇඳුමක් ඇන්දත් වැරදී…. – Amaya Adhikari
>> සමිතාගේ ළමා පෙම්වතාගේ අතේ පච්චේ ඉන්න සඳලි කවුද?
>> සමිතා එරන්දතී මුදුන්කොටුව ගැන අපි කවුරුත් නොදත් දේ

1 Comment

1 Comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gossip