ඔබාමා: ට්‍රම්ප් සිය ජනපති ධුරය රූපවාහිනී රියලිටි වැඩසටහනක් බවට පත් කරගෙන ඇත.
ට්‍රම්ප්: ඔබාමා තමන්ගේ රාජකාරිය හරි හැටි කළේ නැහැ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්‍රම්ප්ගේ (Donald Trump) පරිපාලනය යටතේ රට අද දරුණු අඳුරට පත්ව ඇති බවත්, ඩිමොක්‍රැටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් එම අඳුරු යුගය ඉවත් කිරීමට මූලිකත්වය ගනු ඇති බවත් ඔබාමා පවසයි.
ඩිමොක්‍රැටික් පක්ෂයේ ජාතික සම්මේලනය වෙත සම්බන්ධ වෙමින් බරැක් ඔබාමා මේ බව සඳහන් කර තිබේ. එසේම ට්‍රම්ප් සිය ජනපති ධුරය රූපවාහිනී රියලිටි වැඩසටහනක් බවට පත් කරගෙන ඇතැයි එරට හිටපු ජනාධිපතිවරයා පවසයි.
ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වුණු මෙම සම්මේලනය නව කොරෝනා වෛරසය හේතුවෙන් අන්තර්ජාලය හරහා පැවැත්වීමට සිදුවිය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප් ප්‍රකාශ කළේ “ජනපති ට්‍රම්ප්ට මේ ජනාධිපති ධුරයේ කටයුතු කිරීම ගැන කිසිම උනන්දුවක් නැහැ. ඔහු මෙය තවත් රියලිටි වැඩසටහනක් බවට පත් කරගෙන. ඔහු ආශා කරන අවධානය ඒ හරහා ලබා ගැනීමට ඔහු උත්සාහ කරනවා.”
එසේම මෙහිදී ඔබාමා ඩිමොක්‍රැටික් පක්ෂ ජනපති අපේක්ෂක ජෝ බයිඩන් තමන්ගේ මිතුරෙකු මෙන්ම සහෝදරයෙකු ලෙසද හඳුන්වා දී ඇත.
මේ අතර, ඔබාමා ඩිමොක්‍රැටික් පක්ෂ ජාතික සම්මේලනයේදී පැවසූ මේ අදහස් වෙත එම ක්ෂණයෙන් ප්‍රතිචාර දක්වා තිබූ ජනපති ට්‍රම්ප්ද, තමන් අද ධවල මන්දිරයේ ඉන්නේ ඔබාමා නිසා බව පවසා ඇත.
“ඔබාමා තමන්ගේ රාජකාරිය හරි හැටි කළේ නැහැ. අද මම මෙතැන ඉන්න ප්‍රධානම හේතුව ජනපති ඔබාමායි, ජෝ බයිඩනුයි. ඔවුන් තමන්ගේ රාජකාරිය හරි හැටි කළා නම් අද මම මෙතැන නොඉන්න පුළුවන්.
ඔවුන් හොඳින් රාජකාරි කළා නම් මම මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන්නත් තිබුණා. මම ඉතාමත් සතුටින් මගේ පැවැති ජීවිතය ගත කරන්න තිබුණා. ඒත් ඔවුන් ඉතාමත් නරක විදියටයි, රාජකාරී කළේ. ඒ නිසා අද මම ඔබලා ඉදිරියේ ජනපතිවරයා ලෙස ඉන්නවා.”
එසේම හිටපු ජනාධිපතිවරයා සිය රාජකාරිය හරිහැටි සිදු කළේ නම් තමන්ට ජනපති ධුරයට ඉදිරිපත් වීමට වුවමනාවක් නොවූ බවද ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.
🖊 සටහන : නිශී හේවා