ජිම් යන අයට අතිශය වැදගත් කරුණු කිහිපයක් අද අප සාකච්චා කර බලමු. මෙහිදී ක්‍රමවත් ආහාර රටාවක් පවත්වාගෙන යාම අතිශය වැදගත්.
මෙහිදී ඔබගේ ආහාර රටාව ඔබට ම සුවිශේෂී වූවක් විය යුතුය. එමගින් ඔබට වාසි රැසක් හිමිවෙනවා.
ඔබ බලාපොරොත්තු වන්නේ ඔබගේ මාංශපේෂි වර්ධනය කරගැනීම නම් ඒ සඳහා අවශ්‍ය ආහාර වේලක් පවත්වාගෙන යා යුතුය. මෙහිදී ප්‍රෝටීන බිඳවැටීමක් මෙන්ම නැවත ගොඩනැගීමක් සිදුවිය යුතුයි.
ඔබ එහිදී ඔබගේ ආහාර වේලේ ප්‍රෝටීන වැඩි වීම අත්‍යවශ්‍ය දෙයක්. මෙහිදී මස්, මාළු, බිත්තර සුදු මද ඔබගේ ආහාර වේලට එකතු කර ගත යුතුය. ඔබ නිර්මාංශී පුද්ගලයෙක් නම් ඇට වර්ග, ධාන්‍ය වර්ග, සෝයා ආදී ආහාරයට ගැනීමට මතක තබා ගත යුතුය.
ඒ වගේම ඔබ පෝෂණ අතිරේකයක් ලබා ගන්නේ නම් ව්‍යායාම කිරීමෙන් පැය භාගයක් ඇතුලත ලබාගත යුතුයි. එය මාංශ පේශි වර්ධනයට ඉතාමත් වැදගත්.
ඔබ ජිම් යාමට ප්‍රථමයෙන් කාබෝහයිඩ්රේට් අඩංගු ආහාරයක් ලබාගත යුතුයි. උදාහරණයක් ලෙස ආනමාලු ගෙඩියක්, පළතුරු බීම එකක් මෙමගින් ඔබේ ව්‍යායාම අඛණ්ඩව, විවිධාබර වීමට නොදී හොදින් කරගෙන යාමට උදව් වෙනවා.
නමුත් මෙහිදී විශාල ආහාර වේලක් ලබා ගැනීම සහ මේදය අධික ආහාර ලබා ගැනීම ව්‍යායාම කිරීමට බාධාවක් වෙනවා.
මෙහිදී ප්‍රධාන ආහාර වේලක් ලබා ගන්නවා නම් එය පැය දෙකකට පෙර පමණක් සිදුකළ යුත්තක්. ඔබගේ අරමුණ බර අඩු කර ගැනීම සහ සිහින් සිරුරක් පවත්වා ගැනීම නම් ආහාරය කාබෝහයිඩ්රේට් ප්‍රමාණය අඩු කළ යුතුයි.
එසේම ඔබ දෛනිකව ගන්නා ප්‍රෝටීන ප්‍රමාණය වැඩි කර ගත යුතුය. එසේ ගුණාත්මක දේවල් එකතු කරගැනීමෙන් විශේෂෙන් සීනි අවම කිරීම සහ පැණි රස කෑම නොගැනීම ක්ෂණික ආහාර, පිෂ්ඨ සහිත පාන වර්ග ආදියෙන් වැළකී වැඩිපුර පලතුරු එළවළු වර්ග භාවිතය මෙහිදී වැදගත්.
මෙවැනි ආහාර රටාවක් පවත්වාගෙන යාම ක්‍රීඩකයන්ට අද අතිශය වැදගත් වෙනවා. මෙහිදී ඔබ ජිම් ගොස් ව්‍යායාම කරන විට ජලය පානය කිරීමත් අතිශය වැදගත්.
නමුත් මෙසේ පිපාසය දැනෙන තෙක් සිටීම උචිත වන්නේ නැහැ. ක්‍රීඩා කිරීමට ප්‍රථමයෙන් මිලිලීටර් 500 ක් පමණ ජලය පානය කළ යුතුය. ඒ වගේම ක්‍රීඩාවෙන් පසුවද ජලය පානය කිරීම වැදගත් මෙහිදී බීම වර්ග පානය කිරීම සුදුසු වන්නේ නැහැ.
🖊 සටහන : නිශී හේවා