Connect with us

Gossip

දැන් දුවෙක්ගේ විතරක් නෙවෙයි පුතාලා දෙන්නෙක්ගෙත් අම්මා කෙනෙක්

ඡායාරූප (photos) පහතින් බලන්න>>

පුංචි තිරයේත්, සිනමාවේත් දගකාර පෙම්වතිය ලෙසත් වසර ගණනාවක් පුරා චරිතාංග නිලියක් හා පුවත් මවන්නියක් ලෙස නිර්මාණ වලත් පෞද්ගලික ජීවිතය තුළත් කැපී පෙනෙන චරිතයක් තමයි චතුරික පීරිස් (Chathurika Peiris) කියන්නේ.

පසුගිය දා චතුරිකා හා ගයාන් යුවල පුංචි දියණියකගේ දෙමාපියන් බවට පත් වුණා. පුංචි දියණියගේ නම ආරාධනා. රංගන ශිල්පිනියක් ලෙස වගේම මවක් ලෙසත් මේ දිනවල චතුරිකා කාර්‍යබහුල ජීවිතයක් ගතකරන්නේ.

ඇයගේ රංගනයට ආශාකළ රසිකයන්ට කාලෙකට පස්සෙ පාරමී කියන චරිතයෙන් චතුරිකාව මේ දවස් වල දැකගන්න පුලුවන්. ඒ හිරු ටීවී ඔස්සේ විකාශය වෙන අකුරු මැකී නෑ කියන ටෙලිනාට්‍යය හරහායි.

ගයාන් හා චතුරිකා මෙහි මවුපියන්ගේ චරිතයකටයි පණ පොවන්නේ. මින් පෙර මව කියන චරිතයට කොතෙක් පණ පෙවුවාත්, අත්දැකීම් ලබා ඒ හැගීමෙන් එම චරිතයට පණ පොවන්නේ පුදුමාකාර හැගීමකින් කියලයි චතුරිකා පවසන්නේ.

කලා කටයුතුත් එක්ක දරුවාගේ වැඩත් සමබරව කරගෙන යන්න දැන් චතුරිකා හුරුවෙලාලු. උදේට මාස දහයක් වයස දූ සිගිත්ත ගෙදර දාලා දෙන්නාම පිටවුණාම රෑ අටට විතර ගෙදර එන්නේ.

අපි ගෙදර එනවා නෙවෙයි ඉගිල්ලෙනවා.

ආරාධනා ලොකු වෙනකන් පුලුවන් විදියට නිර්මාණවලට දායක වෙන්නයි චතුරිකාගෙ බලාපොරොත්තුව. අතීතෙ අම්මලාත් දරුවො හදාගෙන රැකිරස්සා කරා වගේ හැමදෙයක්ම කලමනාකරණය කරගෙන රැකියාවත් කරන්නයි චතුරිකාට ඕන.

කවදාවත් කලාවෙන් ඈත් වෙන්න ඇගේ හිතක් නෑ. ඇය බලාපොරොත්තු වෙන්නේ දිගටම රැකියාවෙ නිරත වෙන්නයි.

කුඩා දියණිය ලැබිලා දවස් 14න්ම චතුරිකාට වැඩ නිමා නොවූ එක රෑනේ කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ ඉතිරියට දායක වෙන්න සිදුවෙනවා. ඉන් පස්සෙයි ඇය අකුරු මැකී නෑ ටෙලිනාට්‍යයය සම්භන්ධ වෙන්නේ.

අලුත් නිර්මාණ රැසකින් රසිකයන් හමුවට එන්න සූදානම් බවත් ගයාන්ගේ අධ්‍යක්ෂණයෙන් සිනමා නිර්මාණයකට සැරසෙන බවත් චතුරිකා පැවසුවා.

🖊 සටහන : නිශී හේවා

>> ගොඩක් අය අද අපේ මිලට එකඟ වන්නේ නැහැ
>> දරුවන්ටත් එයාලගෙම ලෝකයක් තියනවා නේද කියලා මට තේරුණා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gossip