Connect with us

Gossip

ජාත්‍යන්තර තරගාවලියේ Voice Teens ශ්‍රී ලංකා තරගයේ ජයග්‍රහණය

ජාත්‍යන්තර තරගාවලියේ Voice teens ශ්‍රී ලංකා තරගයේ ජයග්‍රහණය හශේන් දුලංජන පසුගියදා දිනාගත්තා.

ඒ ජයග්‍රහණයට සුභ පතමින් අද අපි කතාකරන්න සූදානම් වුණේ හශේන් සමග එකටම අවසානය තෙක් අසීමිත දක්ෂතා සමග පැමිණි අනෙක් පුංචි තරු පිළිබඳවයි.

වෙනස්ම හඬකින් රසික හදවත් දිනාගත් එරන්දි Voice Teens තරගාවලියේ අවසාන සිවුදෙනා අතරට තේරී පත්වුණු දක්ශ තරුවක්. ඇය වාද්දූව ගමේ වාද්දූව මධ්‍ය විද්‍යාලයේ සිසුවියක්.

ඇගේ සම්පූර්ණ නම ඒ.එරන්දි හේශානි ධර්මසේන. පස් දෙනෙක්ගෙන් යුත් පවුලේ බඩපිස්සිය වන්නේ එරන්දි. පවුලේ සියලු දෙනාම ගායනයට උපන් හපන්කම් දක්වනබව ආරංචියි.

එරන්දිගේ මව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ජන ගී ගායිකාවක්. එරන්දිගේ මේ සංගීතගමනට තරගාවලියට මග කියන්නේ ඇගේ මව.

මෙවැනි තරගකාරී තරගයකින් අවසන් සිවි දෙනා අතරට පැමිණීම ගැන එරන්දි කතා කළේ ලොකු සතුටකින්.

ඇගේ අනාගත බලාපොරොත්තුව තමයි, ලංකාවේ සංගීතය හොඳට ඉගෙන ගෙන ඉන්දියාවේ ඊස්ටන් සංගීතයත් බටහිර සංගීතයත් හදාරලා මේ එකතුවෙන් දවසක සංගීත ලෝකයටත් ලංකාවටත් ආඩම්බරයක් ගේන්නයි.

තරගාවලියේ ලාබාලතම තරගකාරිය වුණේ ඉශිතා ප්‍රේම්නාත්. ඇය ලයිශියම් ඉන්ටර්නැෂනල් පාසලේ අටවන ශ්‍රේණියේ ඉගනුම ලබන අවුරුදු දහතුනක දැරියක්.

පවුලේ එකම දරුවා වන ඉශිතා ජීවත් වෙන්නේ වත්තල. ශක්ති ජූනියර් සුපර්ස්ටර් සීසන් සෙවන් සඳහාද ඉදිරිපත්වූ ඇගේ දක්ශතා එක්ක ඇයට මෙම තරගයට එක්වෙන්න පාසලෙන් පෙළඹවීමක් හා උදව් ලැබෙනවා.

ඇය දැනටමත් කර්ණාටක වෙස්ටන් ඊස්ටන් හා ඔරියන්ටල් හදාරන බවයි පැවසෙන්නේ.

තරගාවලියේ අනෙක් දක්ශ තරුව තමයි මාධවී වෛත්‍යලිංගම්. වයස අවුරුදු දාහතක්වන ඇය කොළඹ කාන්තා විද්‍යාලයේ ඉගනුම ලබනවා.

ඇය ජීවත්වෙන්නේ කිරුළපන ප්‍රදේශයේ. ඇයද ශක්ති ජූනියර් සුපර්ස්ටාර් තරගාවලියට සහභාගී වී එහි ප්‍රථම ස්ථානය දිනාගත් දැරියක්.

මාධවීගේ අනාගත බලාපොරොත්තු අතරේ ලෝකයේම ආදරයට පාත්‍රවූ ඒ ආර් රහුමාන් සමග ගීතයක් ගැයීම.

චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසත්, ප්‍රසංග වේදිකාවේ ගායනා කරන්නත්, ව්‍යාපාර නීති උපදේශිකාවක ලෙස අනාගතේ කටයුතු කරන්නත් ඇය කැමැත්තෙන් ඉන්නවා.

ඔබේ සිහින සැබෑවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

🖊 සටහන : නිශී හේවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gossip