Connect with us

Gossip

සිය ශක්තියෙන් පිළිකාව පරදන සුසන්තා චන්ද්‍රමාලි ..

වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න>>

පුංචි තිරයේත් සිනමාවේත් සහජ කුසලතාවයන් එළිදැක්වූ සුසන්තා චන්ද්‍රමාලි (Susantha Chandramali) රසිකයත්ගේ සිත් සනහන ආදරණීය සිනහවකට උරුමකම් කියන දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්.

පසුගියදා ඇය විසින් තැබූ ෆේස්බුක් සටහනකින් රසික සිත් කම්පනයට පත්වුණා. ඒත් ,ඇගේ ශක්තිය ගැන සිතින් සතුටු වෙමින් සියල්ලන්ම ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළා.

“ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් නීරෝගීකම උතුම්ම ලාභය ලෙස අප අසා ඇතිමුත් මෙලව උපදින සියල්ලන්ටම ලෙඩ දුක් අඩුවැඩි වශයෙන් නියත ලෙසම ඇතිවන බව අපි හැමෝම දන්නා කරුණක්.

වසර ගණනාවක් සිය රංගන කෞශල්‍යයයෙන් පුංචි තිරයත් සිනමාවත් හැඩකළ ජේෂ්ඨ රංගන ශිල්පිනිය සුසන්තා චන්ද්‍රමාලි මහත්මියටද පිළිකා රෝගී තත්ත්වයක් ඇතිවී ඇති බව ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියා.

ඇය ඒ තත්ත්වයට උපේක්ෂා සහගතව මුහුණ දෙන බවයි ඇය පවසන්නේ. ඇය මේ වෙද්දි ඉතා හොදින් සියලුම ප්‍රතිකාර කරමින් සුව අතට හැරෙමිනුයි පසුවන්නේ.

සුසන්තාගේ හා කුමරු ලියනගේ යුවලගේ එකම දියණිය තිසුරි යුවනිකා. ඇයද මේ වෙද්දි රසික හදවත් දිනාගත් දක්ශ රංගන ශිල්පිනියක්.

සුසන්තා ඇගේ ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබුණා.
“මට ආදරය කරන ,මගේ ආදරණීය ඔබ වෙත ,
ඔබ වගේම මමත් කිසි දිනක අහන්නට බලාපොරොත්තු නොවුනු ඒ අමිහිරි ආරංචිය සත්‍යයක්. මම අද පිළිකා රෝගියෙක්.


ඒත් මූලික අවධියේ දී ම මගේ රෝගී තත්ත්වය අපේ රටේ දෙවිවරු වැනි වෛද්‍යවරුන් හඳුනා ගත්තා.
මාස කිහිපයක් තිස්සේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් මම හොඳින් ඉන්නවා.

මගේ ගෙදර අය, ළඟම හිතවතුන් මේ කාලයේ මගේ ළඟින් ම හිටියා.
ඒත්…, මෙවැනි දේ නීරස නිසා මට ආදරය කරන ඔබගෙන් මගේ රෝගී තත්ත්වය මෙතෙක් වසන් කලා. ඒත් හැමදාට ම එය කළ නොහැකියි.

මට ආදරේ කරන ගෞරව කරන ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය මා සුවපත් කරන බව මට විශ්වාසයි.

ඒත් මෙවැනි අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන කිහිප දෙනෙකුත් අපි අතර ඉන්න පුළුවන්. ඒ බව දැනුවත් කරන්නයි මම මෙහෙම ලියන්න හිතුවේ..

මා වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර පහසුවෙන් හා අපහසුවෙන් උවත් මගේ ගෙදර අය හා ළඟම හිතවතුන් ගේ මැදිහත් වීමෙන් කරගෙන යනවා.

මෙවැනි සංවේදී අවස්ථා පාවිච්චි කරමින් ඇතැමුන් ව්‍යාජ ගිණුම් හරහා මුදල් එකතු කිරීම් කරනවා. එවැනි රැවටීම් වැනි දෑ වලින් ඔබව වැළකීම මගේ යුතුකමක්.

නැවතත් මම ආදරයෙන් සිහිපත් කරන්නේ හැම දේකටම වඩා ඔබගේ ආශිර්වාදය මාව සුවපත් කරාවි..
මම, ඔබේ ආදරණීය සුසන්තා චන්ද්‍රමාලි…”

ආදරණීය සුසන්තා චන්ද්‍රමාලි , ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියණි, ඔබට ඉක්මන් සුව පතමි.

🖊 සටහන : නිශී හේවා

>> තිසුරි යුවනිකා දෙවන විවාහ සංවත්සරය සමරයි.
>> හැබැයි ඉතිං ලව් සීන් යද්දිනන් පොඩ්ඩක්‌ චුරු චුරු ගානවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gossip