Connect with us

News

බාල වයස්කාර දරුවන්ව ලිංගික අපයෝජන කළ ටියුෂන් ගුරුවරයා ගේ හවුල්කරු ගේ පැටිකිරිය හෙළි වෙයි

බාල වයස්කාර දරුවන්ව ලිංගික අපයෝජන කල පන්නිපිටියේ දෙපානම සමන් උයන ප්‍රදේශයේ පදිංචි නිරන්ත එදිරිසිංහ නමැති රූපවාහිනී ටියුෂන් ගුරුවරයා එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරතව ඇති අතර ඒ සඳහා ඔහුට අධාර සහ අනුබල දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන  ජයසිංහලාගේ උපුල් හේවා නම්  ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු බව හෙළිවී තිබේ.  මොවුන් දෙදෙනා එකතුවී බාලවයස්කාර ළමුන් ගේ අසභ්‍ය වීඩියෝ චිත්‍රපට ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින කාමාතුරයන්ට විකුණා විශාල ලෙස මුදල් උපයාගෙන ඇත.  පොලිසිය විශ්වාස කරන පරිදි මෙම ජාවාරම වසර ගණනාවක් පුරා මොවුන් දෙදෙනා විසින් සිදු කොට තිබේ.  නිරන්ත එදිරිසිංහ ගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබී  දරුවන් සමඟ ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන සීඩී තැටි 135ක් හා ඒ සඳහා යොදාගත් පෙන්ඩ්‍රයිව්, හාඩ්ඩිස්ක්,මෙමරි කාඩ්, කැමරා හා ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක්ද පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

නිරන්ත එදිරිසිංහ ගේ හවුල්කරුවා වූ ඕස්ට්‍රේලියාවේ වෙසෙන  ජයසිංහලාගේ උපුල් හේවා නම් පුද්ගලයා කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දැඩි ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ ඉගෙන ගෙන වෛද්‍යවරයෙකු වී ඇති අයෙකු බව කියවේ. මොහු ලංකාවේ ප්‍රදේශ කිහිපයක රෝහල් වල සේවය කොට තිබේ. ඔහු මහනුවර ශික්‍ෂණ රෝහලේ සේවය කල සමයේදී නව හැවිරිදි පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කොට ඇති අතර එම දරුවාගේ දෙමාපියන් දරුවා රෝහලට ගෙන එන ලද අවස්ථාවේදී  බාහිර රෝගී අංශයේ සේවය කරන ලද වෛද්‍යවරියක  විසින් එම ළමා අපයෝජනය පිළිබඳව රෝහල් පොලිසියට දැණුම් දීමට තැත් කළ අවස්ථාවේදී චූදිත වෛද්‍යවරයා  විසින් බලපෑම් කොට එය වලක්වන ලදි. ඉන් පසු මෙම දරුවා ළමා රෝග වාට්ටුවට ඇතුලත් කරන ලද අතර එවකට මහනුවර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය  විසින් අපයෝජකයාට  වාසි වන පරිදි ළමා අපයෝජන සිද්ධිය වෙනුවට වෙනත් රෝග ලක්‍ෂණ සඳහන් කොට සුළු ප්‍රතිකාරයකින් අණතුරුව එම දරුවාගේ ටිකට් කපා තිබේ.  ඊට හේතුව වී ඇත්තේ විශේෂඥ ළමා රෝග වෛද්‍යතුමි ගේ සැමියා ඔහුගේ මිතුරෙකු වීම බව පැවසේ. ජයසිංහලාගේ උපුල් හේවා නම් වෛද්‍යවරයා විසින් මීට පෙරද ළමා අපයෝජන සිද්ධීන් කීපයක් සම්බන්ධව චෝදනා ලබා තිබුනද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැත. කෙසේ නමුත් අදාල සිදුවීමෙන් පසු ඔහු කිසිම දැණුම් දීමකින් තොරව මහනුවර ශික්‍ෂණ රෝහලෙන් සේවය අතහැර ගොස් තිබේ. පසුව ඔහු ඕස්ට්‍රේලියාවට ගොස්  ඇඩිලේඩ් නගරයේ රෝහලක රැකියාවක් ලබාගෙන තිබේ.

ජයසිංහලාගේ උපුල් හේවා සහ   නිරන්ත එදිරිසිංහ දීර්ඝ කාලීන මිතුරන් වන අතර මොවුන් දෙදෙනා විසින් එක්වී ළමා කාම වීඩියෝ නිශ්පාදනය කොට ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින  කුඩා දරුවන් කෙරෙහි  විකෘති කාමාශාවෙන්  පෙළෙන  පුද්ගලයන්ට  අලෙවි කොට ඇත. මෙම කාම ජාවාරම මගින් මොවුන් දෙදෙනා විශාල මුදලක් උපයා ගන්නට ඇති බව පොලිසිය විශ්වාස කරයි.  බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නිරන්ත එදිරිසිංහව අත්ඩංගුවට ගෙන ඇති අතර ඔහු රක්‍ෂිත බන්ධනාගාර  ගත කොට තිබේ.

 මේ වන විට අදාල වෛද්‍යවරයා වෙනුවෙන් පිරිසක් මුදල් විසි කරමින් දේශපාලකයන් පසු පස යමින් මෙම අපයෝජන සිද්ධිය ගොඩින් බේරා ගැනීමට තැත් කරන බව කියවේ.

උපුටා ගැනීම : නිලක්‍ෂි පෙරේරා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in News