Connect with us

Uncategorized

රටේ පවතින තත්වය නිසා නිවාඩුවක් ගතකරන්න ආපු සංචාරකයෙකුට සිදුවූ දේ

Froing

ජර්මනියේ සිට ලංකාවේ සංචාරය සදහා පැමිණි කාන්තාවක් ත්‍රි රෝද රථයකින් නුවරඑළියේ සිට අල්ල ප්‍රදේශයට යාමේදී ත්‍රි රෝද රථයට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න නුවරඑළියේ පිරවුම්හලට පැමිණ තිබෙන අතර එහි ඉන්ධන නොමැති වීම නිසා  තම සංචාරක සැලසුම් අඩපන වූ බව  (22) දින  නුවරඑළියේදී  පවසා තිබෙනවා.

එම කාන්තාව මෙසේ පවසා තිබෙනවා.

“ශ්‍රී ලංකාව කියන්නේ හොද රටක් ඒ වගේම හොද මිනිස්සු ඉන්නේ, අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා , එහෙම ආවම අපට අවශ්යි පහසුකම් කිසිවක් නෑ “

“මම ලංකාවට ආවේ මිට දින කිහිපයකට කලින් කටුනායකින් කුලි පදනම මත ලබාගත් ත්‍රි රෝද රථයකින් තමයි ලංකාවේ ලස්සන තැන් බලන්න සැලසුම් කළේ. “

“මම නුවරළියට ආවේ (21) දින , මම  (22) දින ඇල්ල ප්‍ර දේශයට යන්න තමයි ත්‍රි රෝද රථයෙන් ඉන්ධන පිරවුම්හල අසලට ආවේ හැබැයි මට ඇල්ලට යන්න පෙට්‍රල් ටිකක් ගන්න මෙම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නැ.”

“මම කටුනායක ඉදලම ත්‍රි රෝද රථයෙන් යන සැම ස්ථානයකම ත්‍රි රෝද රථයේ ප්ලාස්ටික් බෝතලයක් තියාගෙන ඉන්නවා පෙට්‍රල් තියෙන තැනකින් ගන්න.”

“දැනට ත්‍රි රෝද රථයේ තියෙන පෙට්‍රල් වලින් යන්න පුළුවන් උපරිම දුරක් යනවා“ බවයි.

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Uncategorized