Connect with us

Uncategorized

දින 04 කින් ගෑස් හිඟය සම්පූර්ණයෙන් අවසන් – ලිට්‍රෝ සමාගම කියයි

litro gas

තවත් දින 04 කින් පවතින ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම අවසන් වන බව ලිට්‍රෝ සමාගම පවසනවා. මේ වන විට දෛනිකව වෙළඳපොලට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 120,000 ක්. බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ගෑස් ලබාගැනීම සඳහා දැනට පවතින පෝළිම් හෙට උදෑසන වන විට අවසන් වනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළා. 

රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා මෙන්ම ධීවර කටයුතු සහ හෝටල් සඳහා ද ගෑස් ලබාදීමේදී ප්‍රමුඛත්වයක් ලබාදී තිබෙනවා.

දෙමටගොඩ සහ මරදාන ප්‍රදේශවල පිහිටි මහල් නිවාස සංකීර්ණ සඳහා  අවශ්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලබාදීම ඊයේ රාත්‍රීයේ සිදු කෙරුණා. ඒ, මරදාන සහ දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීමකට අනුවයි. 

පොලිස් ආරක්ෂාව යටතේ මෙලෙස ගෑස් සිලින්ඩර් ලබාදීම සිදුකළ අතර එහිදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දහසකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා. කොළඹ 07 මල්පාර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණ සඳහා ද ගෑස් සිලින්ඩර් ලබාදීම අද දිනයේ සිදුකරන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. 

කොළඹ 01 සිට 15 දක්වා පිහිටි සියලු මහල් නිවාස සංකීර්ණ සඳහා ගෑස් ලබාදීම කඩිනමින්ම අවසන් කරන බවයි ලිට්‍රෝ සමාගමේ එම ජේ්‍යස්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

දින 10 ක් සඳහා අවශ්‍ය ගෑස් තොග මේ වන විට ලිට්‍රෝ සමාගම සතුව පවතිනවා. ගෑස් නැව් 03 ක් සඳහා අවශ්‍යවන ඩොලර් මිලියන 10 ක මුදලක් ද ඉකුත් සඳුදා දින පස්වරුවේ ලබාදී තිබෙනවා.

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Uncategorized