Connect with us

Uncategorized

පරාජය දරාගැනීමට නොහැකිව මල්ලී වෙනුවෙන් විනිසුරුට කණේපාර දුන් අක්කාට සිදුවූ දේ

rugby fight sri lanka

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර හැව්ලොක් පිටියේ පැවති ආර්.එස්. ද සේරම් පළිහ රග්බි තරගයේදී ශාන්ත තෝමස් පිල විශිෂ්ට ලෙස ක්‍රීඩා කොට 17-14 කින් ජයගත් අතර තරගයේ වැරදි ලෙස කහ කාඩ්පතක් නිකුත් කළ බවට හා තරගය නියමිත වේලාවට කලින් අවසන් කළ බවට චෝදනා කරමින් පරාජිත ත්‍රිත්ව කන්ඩායම් සහයකයින් පිටියේ කලබල ඇති කරන්නට විය.

මෙම කලබලය ඇති කළ අය විනිසුරන් ආක්‍රමණය කිරීම නිසා ඔවුන් ආරක්ෂිතව පිටියෙන් ඉවතට කඳවාගන්නටද සිදුවූ අතර පහරදීම් ගණනාවක් අතරින් දෙකක් පිළිබඳ පොලිසියට පැමිණිලි කරන්නට අනතුරුව විනිසුරුවන් තිදෙනා කටයුතු කර ඇත.
විනිසුරු නුවන් ලක්ෂාන් මහතාට පහරදුන් බවට එක් පැමිණිල්ලකින් චෝදනා කර තිබුනේ සංජීව බණ්ඩාර නමැත්තෙකු ගැනයි.ඔහුගේ පුතු අංක 10 යටතේ ත්‍රිත්ව විදුහල් රග්බි පිලේ ක්‍රීඩා කරන්නෙකි.පහරදුන් පුද්ගලයා සියපත ෆයිනෑන්ස් ආයතනයේ නිලධාරියෙකු බවද පැමිණිල්ලේ දැක්වේ.
දෙවනුව විනිසුරු ඉසුරු පෙරේරා සිදු කරන ලද පැමිණිල්ලේ තමන්ගේ මුහුණට හා කම්මුලට පහර එල්ල කළ තරුණියක ගැන සටහන් කර ඇත.

සමාජ මාධ්‍ය තුළද විශාල ලෙස කතාබහට ලක්වූ පහරදීමේ වීඩියෝවේ එම තරුණියගේ රුව සටහන් වන අතර පොලිසිය සඳහන් කළේ ඇක්සස් ඉංජිනියරින් සමාගමේ නුවන්දනා තන්තිරිගේ මෙනවිය මෙම පහරදීම සිදුකර ඇති බවයි. ඇය ත්‍රිත්ව විදුහල් රග්බි පිලේ උප නායකයාගේ සභෝදරිය බව පැවසේ.
නාරාහෙන්පිට පොලිසියට කළ පැමිණිලි අනුව ප්‍රකාශ ලබාදීම සඳහා මේ දෙන්නාට කැඳවීම් කර ඇත.
බ්‍රහස්පතින්දාට පෙර පොලිසියට ප්‍රකාශයක් ලබා නොදුනහොත්  අත්අඩංගුවට ගන්නා බවද පොලිසිය දන්වා ඇත.

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Uncategorized